IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක්


(තිළිණි ද සිල්වා)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2021 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී  ලාංකික නීතිඥවරියක හා සිවිල් ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය තේරී පත්ව ඇතැයි එම රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.

ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වන මෙම සම්මාන උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය ලෝක කාන්තා දිනය යෙදී ඇති හෙට (08) දින එරට වේලාවෙන් පෙරවරු 10.00ට ඇමෙරිකා ජනපති ආර්යාව වන ජිල් බයිඩන් හා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන් බවද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සදහන් වේ.

ඒ අනුව මෙම ලාංකික කාන්තාව සමඟ බෙලරූස්, මියන්මාරය, කැමරූන්, චීනය, කොළොම්බියාව, කොංගෝ රාජ්‍යය, ගෝතමාලාව, ඉරානය, නේපාලය, සෝමාලියාව, ස්පාඤ්ඤය, තුර්කිය හා වෙනිසියුලාව යන රටවල් වලින් තෝරා ගනු ලැබූ ධෛර්යමත් කාන්තාවන් 14 දෙනෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

මෙවර ජාත්‍යන්තර ධෛර්යසම්පන්න කාන්තාවට හිමි පිරිනැමූ අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුක්තිය, සාමය හා ලිංගික සමානාත්මතාවය වෙනුවෙන් ඔවුන් කළ මෙහෙය අගයා මෙම සම්මානය පිරිනැමීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද රටේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිඥවරිය ලෙස කටයුතු කරන්නියක වන බවය.

බලහත්කාරයෙන් අතුරුදහන් වීම් වලට ගොදුරුවූවන් සහ නීතියේ පිළිසරණක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් වගකිවයුතු සහ යුක්තිය වෙනුවෙන් නීතීඥ රනීතා ඥානාරාජා සිය වෘත්තිය කැප කර ඇති තැනැත්තියක් යැයිද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.



අදහස් (10)

ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක්

Aziz Sunday, 07 March 2021 12:53 PM

මේ අය සිංහලයන්ට කැමැති නැහැ.

:       0       0

Raveendra Sunday, 07 March 2021 02:49 PM

පළමුව අප ලාංකීය කාන්තාවක් හැටියට අපගේ උණුසුම් සුබපැතුම් මැයට පිරිනමන්නෙමු.

:       0       1

Bandara Sunday, 07 March 2021 05:22 PM

කමලාගෙන නම් ලංකාවට තව ගොඩක් දේවල් හම්බෙයි වගේ.

:       0       2

Demuni Uduwara Sunday, 07 March 2021 08:05 PM

බියගුල්ලන් සමූහයක් අතර කොඳු නාරටියකි.

:       0       1

Perera Sunday, 07 March 2021 09:19 PM

මෙතුමිය ලංකාවේ හිටියානම් කිසිදිනක ඇගයීමකට ලක්වෙන්නේ නැහැ.

:       0       1

maalaka Monday, 08 March 2021 01:36 AM

එතුමිය ලංකාවේ හිටියා නම්, කවදාවත් මෙවැනි දේකට නිර්දේශ වෙන්නේ නැහැ.

:       0       1

Rasika Monday, 08 March 2021 03:33 AM

කොටින්ට කත් අදිනවා නම් සම්මාන ඕනෑතරම්...

:       1       2

fairoos Monday, 08 March 2021 07:48 AM

සුභ පැතුම්.!

:       0       1

kavindi Tuesday, 09 March 2021 01:01 PM

අපේ සිංහල ඔවුන් 83 දී ගිනිතියලා මරපු දෙමළ පවුල් වලින් ඉතිරිවුණු අයගෙන් පැවත එන උගත්, නීතිඥවරියක්. ඇය වගේ නිර්භීත අය මේ රටේ සිටිය යුතුමයි. නැතිනම් මේ ආණ්ඩුව මිනි මර මර හන්ගයි. නැතිනම් මිනී මෝරුන්ට කන්න දෙයි.

:       2       1

L.G.P.Jathunarachchi Wednesday, 10 March 2021 12:40 AM

මගේ සුබපැතුම්...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31078 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13218 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 36 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site