ඡායාරූප - ගයාන් අමරසේකර
ජාතික මුද්දර ප්‍රදර්ශනය තැපැල් මුලස්ථානයේ දී ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ කෙරිණි. මෙම ප්‍රදර්ශන ඔක්තෝබර් 9 වැනිදා දක්වා උදෑසන 9.00 සිට පස්වරු 7 දක්වා ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී පැවැත්වේ.
එහිදී වස්ගමුව ජාතික වනෝද්‍යානය වෙනුවෙන් මුද්දර 6 ක් නිකූත් කළේය. ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද (6) ආවර්තිතා වගුවේ ජාත්‍යන්තර වර්ෂය 2019 වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීම සිදුවිය.
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සමන් සෙනවිරත්න මහතාට එම මුල් දින කවරය නියෝජ්‍ය තැපැල්පති රාජිත .කේ .රණසිංහ විසින් පිළිගන්වන ලදී.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ.ජේකොබ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලක්ෂ්මන් පීරිස් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අවිහිංසාවාදී විනෝදාංශයක් .