IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජාතික ජන බලවේගයේ නාමයෝජනා බාරදීම 17,18 සහ 19 දා

(මුදිතා දයානන්ද)                                        

 

 

 

 

 

               

මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය නාම යෝජනා බාරදීම 17, 18, 19 දිනවලදී සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (11) පැවසීය.                            
               

ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.                             
               

මේ වන විට ජාතික ජනබලවේගය ලෙස සියලු දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා සකස් කර අවසන්ව ඇති අතර ජාතික ජලබලවේගයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ විසින් නාම යෝජනා පත්‍ර අත්සන් තැබීම 16 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි සිදුකෙරෙන බවද හේරත් මහතා එහිදි පැවසීය.                                          
 

නාම යෝජනා භාරදීමෙන් පසුව රට පුරා ප්‍රචාරක කටයුතු, ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් හා ජනහමු ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.  



අදහස් (8)

ජාතික ජන බලවේගයේ නාමයෝජනා බාරදීම 17,18 සහ 19 දා

RA Wednesday, 11 March 2020 09:59 AM

වෙරි සොරි මෙයා...!

:       1017       449

rohanWednesday, 11 March 2020 10:38 AM

මොකද අාපහු ඉන්න පල්හොරු සහ හිටපු හොර සෙට් එකමද ඕනේ? එ්කද (වෙරි සොරි මෙයා) කිව්වේ..? ඔයාලා වගේ නූගත් වහලුන් ඉන්නකම් මේ රට ගොඩගන්න බැහැ මහත්තයෝ...

:       81       359

Raveendra Wednesday, 11 March 2020 10:22 AM

බිය නොවන්න රතු මල්ලියේ... මෙදා සැරේ මේ රතුහැට්ටකාරයින්ට 100% ලැබෙනවාමයි... හැබැයි රතුමල්ලියේ එය 300% ත් වැඩියෙන් වර්ධනය කරගන්න පුළුවන්... මේ රතු මල්ලිලාගේ අන්තරේ කුඩුකාරයින් ටික රූකඩ ලෙස නටවන්නේ නැතිව දරුවන්ට නිදහසේ ඉගෙනීම කරන්න ඉඩ සැලසීමෙන්...

:       153       86

නිශාන් Wednesday, 11 March 2020 10:40 AM

අන්තරේ සිටින්නේ ජවිපයට කිසිඳු සම්බන්ධයක් නැති අය බව ඔබ තාම දන්නේ නැද්ද? අන්තරේ ශිෂ්‍ය නායකයින් සියල්ල පෙරටුගාමී පක්ෂයේ අය බව අද දින සිටවත් සිතෙහි තබාගන්න. ස්තුතියි... ! ඔබට සුබ දවසක්...!

:       75       178

RaveendraWednesday, 11 March 2020 10:53 AM

පෙරටුගාමීන් නොව අගතිගාමින් වුවත් ක්‍රියාව නම් ජෙප්පන්ගේ බව ඔබට නොතේරේද? හොඳයි අපි කියමු පෙරටුගාමීන් කියා... ඔබ අවංකව කියන්න ඔබගේ හිතට එකඟව කාලකන්නි ජෙප්පෝ අන්තරේ අන්දරේලා වෙලා ඉන්නකොට මෙලෙසම හැසිරුණා නොවේද? කෙසේවෙතත් ජෙප්පන් හෝ පෙරටු නොහොත් අගතුගාමීන් මෙම ක්‍රියාවන් ඔබ අනුමත කරන්නේද? කරුණාකර ඔබගේ හිතට එකඟව සඳහන් කරන්න. අපගේ අනාගත පරපුර අයාලේ යන කුඩුකාරයින් ලෙස හැසිරෙනවාට ඔබ කැමතිද? අප ප්‍රසිද්ධියේ මෙසේ කීමට කැමැත්තෙමි. අදාළ අංශවලින් අන්තරේ ඉන්න "සියලුම නායක කුඩුකාරයින් මරා දැමිය" යුතු බවත් කිසිදු රතු හැට්ටකාරයෙකුට අහිංසක සිසුන් විනාශ කිරීමට කිසිවිට ඉඩ නොදිය යුතු බවත්ය.

:       218       195

නිශාන් Wednesday, 11 March 2020 02:17 PM

මේ අගතියට පත් සිසුවාට සාධාරණය ඉෂ්ට කළයුතුයි. කතා දෙකක් නැහැ...!! එ්ත් ඔබ දන්නවද රටේ මත් රකුසා හා කුඩු රකුසා තරුණ පරපුර දිනකට බිලිගන්නා ප්‍රමාණය... ඔබ දන්නවද එයින් වැනසෙන ජීවිත ප්‍රමාණය... රවීන්ද්‍ර ඔබට යමක් තේරුම් ගන්න පුළුවන් දැයි යන්න මෙය කියවීමෙන් සහ මෙයට ලැබෙන පිළිතුර අනුව මෙය බලන අය තීරණය කරාවි. එතකොට ඒවාට උඩගෙඩි දෙන අය නේද මේ රටට පිළිල වෙලා තියෙන්නේ? ඒ පිළිල ඉවත් කරන්න ඕනෑ නැහැ නේද කොල්ලෝ? ඔබ චීත්තයක් ඇඳගෙන නේද රතු හැට්ට කාරියන් ගැන කතාව කරන්නේ? ගලවන්න ඔය චීත්තය මුලින්ම. කතා කරන්න රටේ අනාගතය බාරගන්න ඉන්න සියලුම දරුවන් වෙනුවෙන්... සමස්තය වෙනුවෙන් කතා කරමු.. තව දෙයක් අර පුංචි දැරිවියක් අපහරණයට ලක්වෙලා තියෙනවා !! ඒවා ගැන මික් නැති හාමුල ඉන්න රටක් !! එ්ත් දරුවෙක් නේද? කුඩු වලින්, අරක්කුවලින් විනාශ වන්නේ රටේ අනාගතය රවීන්ද්‍ර...!!

:       0       92

singapuli Wednesday, 11 March 2020 11:41 AM

ජේ.වී.පී.එකේ දැන් ඉන්නේ රනිල් ඇතුළු බටහිර ගැත්තන්ට කඩේ යන පිරිසකි. සරසවි ඇතුලේ හැම විනාශයකටම මෙයාලත් පෙරටුගාමියොත් වගකිව යුතුයි. කඩාකප්පල්කාරී කට්ටියක්... මොවුන්ව ප්‍රතික්ෂේප කළ යුතුයි.

:       85       51

Ajith NissankaWednesday, 11 March 2020 02:35 PM

එතකොට මෙයා පොහොට්ටුවේ ඉන්නේ කාට කඩේ යන අයද? අපේ ඇමෙරිකානු පුරවැසි ජාති මාමක කට්ටිය, අර ගුවන් සමාගම්වලින් කුට්ටි පිටින් ගිල්ලකට්ටිය කාට කඩේ යනවාද?

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site