(අංජුල මහීක වීරරත්න)
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිලිබඳ යෝජනාව හෙට ( 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ජාතික ආණ්ඩුව පිහිටුවිම පිලිබඳ වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (06) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබිණි.
එහෙත් ජාතික ආණ්ඩුව තවත් ශකිතිමත්ව පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කොට ඉදිරි දින කිහිපය ඇතුළත අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ අමාත්‍යධුර වැඩිකර ගැනීම නොව ස්ථාවර මෙන්ම ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර ඉදිරි කාලයේ බාධාවකින් තොරව ජනතා සේවය සැපයීමට වාතාවරනය සකසා ගැනීම බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පැවැසීය.
ඒ අනුව තවත් දින කිහිපයකින් ජාතික ආණ්ඩු යොජනාව ඉදිරිපත් කිරීම කල්යනු ඇතැයිද මහලේකම්වරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශක්තිමත් රජයක්නම් බහුතරය 113 හොදටම ඇති ගෙනෙන හොද පනත් සහ යෝජනා ජනතාවාදීනම් පාර්ලිමේන්තුවේ චන්දය ලැබේවි එවිට විරුද්ද පක්ෂයට පවා චන්දය නොදී සිටීමට නොහැක්යි.බහුතරය නැත්නම් කොලේවහල ගහන පනත් ගෙන්න බෑඇමතිකම බලාගෙන රජයට සම්බන්දවෙනවානම් ඔහු ජනතා සේවයට නොව ඔහුගේ පරම්පරාවේ සේවයටයි රජයට සහයෝගය දක්වන්නේ තව වසර එකහා මාරක් රජය ගෙනයාමටනම් ට් එන් ඒ සහය අවශ්‍යයි ඔවුන් සහය දෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම් සපුරාලනවානම් පමණයි එසේනම් ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි එසේනම් විරුද්ද පක්ෂයෙන් එන අයට ඇමති දොලපිදෙනිය දිය යුතුයි
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීමට නම්, සත්‍ය වශයෙන් කල යුත්තේ මහජන චන්දයක් පවත්වා ජනමතය මත පිහිටි රජයක් පිහිටුවීමයි.
ඇමතිතුමනි, අපිට නම් ඔය ජාතික ආණ්ඩුවලින් වැඩක් නැහැ. ඔබතුමාලගේ පක්ෂෙට දර දිය ඇදපු සාමාජික පවුල්වල දරුවන්ට රැකියාවල් ලබා දෙන්න. කොහේ පත්වීම් දුන්නත් අපේ ගමේ එජාප එක්‌කෙනෙකුටවත් කම්කරු රැකියාවක්වත් ලැබිලා නැහැ.
පරිස්සමෙන් කට අරින්න ඇමති තුමා,
අනේ හොඳා, ඔන්න ඔය කෙහෙල්මල් යෝජනාව ඔහොමම ඉල්ලා අස්කර ගන්න. පින් සිද්ධ වෙයි.
හසන්ත ලැජ්ජවෙන්න ඕනේ ඡන්දෙ දීපු අපියි. මහින්ද ඉන්නකොට රැකියා දුන්නේ විභාග තියලද? මේ ගොල්ලනුත් ලැයිස්තුවලින් රැකියා දෙනවා. මම කියන්නේ එකයි. නියම විධියට රැකියා දෙනවා නම් මමත් කැමතියි, ඕනේ විභාගෙකට ඉදිරිපත් වෙලා ලකුණු ගත්තු විධියට රැකියා දෙනවාට