IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජංගම දුරකතන සොරෙක් ගාල්ලේදී අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)


ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමක් රාත්‍රි කාලයේ බිඳ රුපියල් පහ‍ළොස් ලක්ෂ අසු දහස් නවසිය අසුවක් පමණ වටිනා ජංගම දුර කතන 14 ක් සහ ටැබ් පරිගණයක් සොරකම් කරන ලද සැකකරුවෙකු සොරකම් කරන ලද භාණ්ඩද සමග අත් අඩංගුවට ගැනිමට ගාල්ල පොලිසිය සමත්වි තිබේ.


 මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පොල්වත්ත මහවත්තේ පදිංචිකරුවෙකි.


සැකකරු අලුයම තුනට පමණ වෙළඳ සල අසලට ගොස් ගලකින් ගසා  ඉදිරිපස විදුරුව බිඳ පසෙකටවි බලා සිට නැවත පැමිණ  ඇතුලුවි මෙම ජංගම දුර කතන සහ ටැබ් සොරකම්කරගෙන ගොස් ඇත. 


මේ අතර එයට දින දෙකකට පසු ගාල්ල සමනල ක්‍රිඩාංගණ අසළදි  බෑගයක් රැගෙන කොළඹ බලා යාමට සිටි සැකකරු සැකපිට අත් අඩංගුවට  ගෙන පරික්ෂණ පැවැත්විමේදි සොරකම් කරන ලද සියලුම ජංගම දුර කතන සහ ටැබ් පරිගණකය සොයා ගෙන ඇත.


මෙම ටැබ් පරිගණකය පමණක් රුපියල් පන් ලක්ෂයක් වටිනා බවද ජංගම දුර කතන රුපියල් පනස් දහසේ සිට එක්ලක්ෂ අනූපන් දහස දක්වා වටිනා කමින් යුත් ඒවා බවද සැකකරු මෙම වෙළඳ සමාගමේ කොල්ලුපිටිය ශාඛාවද බිඳ මේ ආකාරයටම සොරකම් කිරිම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වරෙන්තුකරුවෙකු බවද අනාවරණයවි තිබේ.සැකකරු අද (18) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.


ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක අජිත් කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අරුණලාල් ,පොලිස් පරික්ෂක ධම්මික,උප පොලිස් පරික්ෂක එම්.නිමල්,සැරයන් බණ්ඩාරිගොඩ  (58971) කිංස්ලි(9198) කොස්තාපල් පේමසිරි(90424) යන නිලධාරින් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. 



අදහස් (0)

ජංගම දුරකතන සොරෙක් ගාල්ලේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 139 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site