ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වී, සැසිය ඇමැතීමටත් තමන්ට අවස්ථාවක් දෙන්නැයි ඇෆ්ගන් තලේබාන්වරුන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
තලේබාන් නව රජය වෙනුවෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඇෆ්ගන් නව රජයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකී යැයි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකා ස්ටෙෆනී ඩුජරික් පැහැදිලි කර තිබේ.
''තලේබාන් සංවිධානයෙන් මහ ලේකම්තුමන්ට ලිපියක් ලැබී තිබෙනවා. ජගත් මහ සමුළුවට සහභාගී වෙන්නැයි තලේබාන්වරුන් ඉල්ලීමක් කර තිබෙනවා' යැයි මාධ්‍ය හමුවේ අනාවරණය කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකා ස්ටෙෆනී ඩුජරික්ය.
ඇෆ්ගනිස්තානයේ යළි බලයට පත් තලේබාන් සංවිධානය උත්සාහ ගන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමටය. තමන් ජනතා හිතැති පාලනයක් හඳුන්වා දෙන බවට තලේබාන් සංවිධානය ප්‍රතිඥා දී තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම සමුලුව පැවැත්වෙන්නේ 22 වැනි සියවසේ. ගල්යුගයේ ආකල්ප වලය එතැන සුදුසු දැයි නොදනිමි. ඔවුන් යාවතකාලීන විය යුතුය.
පලාතට ගන්න එපා. ගත්තොත් ත්‍රස්තවාදය අනුමත කළා වෙනවා.