( දීපාල් ද සිල්වා)
ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූප ගත් තරුණයකු ඇල්පිටිය තලගස්පේ ඡන්ද මධ්‍යස්ථානයේදි අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.
පසුව එම සැකකරු පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදි මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධව ඉදිරියේදී නඩු පවරන බව පිටිගල පොලිසිය පැවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කිරීමට තලගස්පෙ ඡන්ද මධ්‍යස්තානයට ඊයේ (11) සවස 3ට පමණ ගිය තලගස්පේ පදිංචි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා විශාල අපරාධයකනේ මේ අල්ලලා තියෙන්නේ. ඔබලාගේ මීළඟ වික්‍රමය අර සිංගපුරුවට මගුල් ගෙදරකට ගිය උත්තමයාව අත්අඩංගුවට ගැනීම වෙන්න පුළුවන් නේද?