
(රවී ලියනගේ)
පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පෙට්ටි,ඡන්ද පත්‍රිකා හා අනිකුත් ලිපි ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අනතුරකට ලක්වී ඇති බව අක්මීමන පොලිසිය පවසයි.
ගාල්ල උඩුගම මාර්ගයේ හියාරේ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක්,ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
ගාල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් යතුරු පැදියකට ඉඩදීමට වේගය අඩු කිරීමේදී ඊට පසුපසින් පැමිණි ත්‍රී රෝද රථය මෝටර් රථයේ ගැටී ගාල්ල දෙසින් ධාවනය වූ ඡන්ද පෙට්ටි බස් රථයේ ද ගැටී ඇත.
ත්‍රී රෝද රථයේ රියදුරා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව අක්මීමන පොලිසිය කියයි.
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමෙන් පසුව බස් රථය පොලිස් බාරයට ගැනීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීපෙට්ටි ටිකකුත් පටවාගෙන ගියානම් නේද හොඳ?