IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඡන්ද නීති හදන්න මන්ත්‍රීවරියන්ගෙනුත් යෝජනා

(සුජිත් හේවාජුලිගේ )


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද ඡන්ද නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට  පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා විස්සක් පමණ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත .

මෙම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම මැතිවරණ  නීති එක් මැතිවරණ නීති සංග්‍රහයට ඒකාබද්ධ කළ යුතු බවටත්  ශ්‍රී ලංකාවේ සියලුම මැතිවරණ සඳහා ඒකමිතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවටත්  පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී කාන්තා නියෝජනය නිශ්චිත අගයක පවත්වා ගත යුතු බවටත්  එම කමිටුවට යොජනා ඉදිරිපත්  කිරීමට මෙහිදී තීරණය කරන ලදැයි පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ  ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය .

එමෙන්ම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට  ඉදිරිපත් කිරීමට යන සෙසු  යෝජනා අතර මැතිවරණවලදී පොදුවේ සහ කාන්තාවන්ට විශේෂිතව සිදුවන හිංසන වැළැක්වීම   සඳහා විශේෂිත නීතිමය විධිවිධාන හඳුන්වා දීම ,දේශපාලන පක්ෂ ව්‍යුහයන් තුළ කාන්තාවන්ට නිශ්චිත කෝටාවක් පවත්වා ගැනීම දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ එමගින් කාන්තාවන්ට දේශපාලනයට සම්බන්ධ වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම යනාදී යෝජනාද වන බව  රෝහණදීර මහත්මිය සඳහන් කළාය .

එයට අමතරව මැතිවරණ සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට වියදම් දැරීමේදී ඒ සඳහා සියළු අපේක්ෂකයන්ට සමාන අවස්ථා හිමිවීම තරුවුරු කිරීම වෙනුවෙන්  නියාමනයක් සිදු කිරීම සහ වගවීමේ වාතාවරණයක් ඇති කිරීම, පාර්ලිමේන්තු සහ පළාත් සභා පළාත් පාලන මැතිවරණයන්හිදී  කාන්තාවන් සඳහා අවම වශයෙන් සියයට  30 ක් දක්වා  නාමයෝජනා වැඩි කිරීම මෙන්ම සියළු පක්ෂවල ජාතික ලැයිස්තු සඳහා සියයට 50ක කාන්තා නියෝජනයක් සහතික කිරීම ආදී යෝජනාද මන්ත්‍රීවරියන් ගේ සංසදය විසින්  ඉදිරිපත් කරනු ලැබීමට  නියමිතය .

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ  සංසද රැස්වීමට මංජුලා දිසානායක,ගීතා කුමාරසිංහ, මුදිතා ප්‍රිශාන්ති, ඩයනා ගමගේ සහ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම්  සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. 



අදහස් (0)

ඡන්ද නීති හදන්න මන්ත්‍රීවරියන්ගෙනුත් යෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site