IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඡන්ද නීති වෙනස් කිරීම ගැන මැතිවරණ ලොක්කන්ගෙන් අදහස් විමසයි

 (සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ සහ මැතිවරණ නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එහි ප්‍රධානීන්ගෙන්ද ලබන සතියේදී අදහස් විමසීමට තීරණය කර ඇතැයි මැතිවරණ නීති සංශෝධනය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය කියන්නීය.

මෙයට අමතරව මැතිවරණ කටයුතු නිරීක්ෂණය කරන පැෆරල් සංවිධානය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙන්ම සිවිල් සංවිධානද ඒ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ඉදිරි දිනවල කැඳවන බව ඇය සඳහන් කළාය .

දේශපාලන පක්ෂ කිහිපයක් එම කමිටුව හමුවේ දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇත .

මේ අතර මැතිවරණ සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් යෝජනා හා අදහස් 120කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මේ දක්වා ලැබී ඇතැයිද රෝහණදීර මහත්මිය කීවාය .

මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු මාස හයක් ඇතුළත අවසන් කිරීමට එම කමිටු සාමාජිකයෝ බලාපොරොත්තු වෙති .ඉන්පසු එම කමිටුවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත .

 



අදහස් (3)

ඡන්ද නීති වෙනස් කිරීම ගැන මැතිවරණ ලොක්කන්ගෙන් අදහස් විමසයි

Sri Lanka Saturday, 26 June 2021 05:57 PM

ඔන්න ඔතන තමයි ලංකාවට කෙළවුණු තැන. ඡන්ද ක්‍රමය ගැන අහන්න ඕනේ... ඡන්ද දායකයන්ගෙන්... ලොක්කෝ කරන්නේ තමන්ගේ වාසියට හැමදෙයක්ම වෙනස් කරනවා. දැන් පේනවනේ අවුරුදු 70ක් ඉඳලා කරපු දේවල්වල ප්‍රතිවිපාක..

:       6       5

කුමාර Saturday, 26 June 2021 06:45 PM

ඔක්කොටෝම ඉස්සෙල්ලා ද්විත්ව පුරවැසිභාවය අයින් කරන්න. අනික තියන අයට මෙහෙ පුරවැසිභාවය ගත්ත පමණින් ඡන්දෙට ඉදිරිපත් වෙන්න දෙන්න එපා... මේ අය වලපයයි, ගොඩපයයි තියන් මේ රට කනවා නෙමෙයි කකා විකුණනවා.

:       7       1

සමිත හිමි කුරුණෑගල Saturday, 26 June 2021 11:23 PM

අනිවාර්යයෙන්ම තිබිය යුතු නීතියක් නම් පාර්ලිමේන්තුවට හෝ වෙනත් පලාත් පාලන ආයතනයකට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකු/වරියක තමන්ව පත්වූ පක්ෂය මාරු කළහොත් මන්ත්‍රී ආසනය අහිමි වන බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site