(ඉන්දිකා රාමනායක)
ගම්පොළ පළාත් අධ්‍යාපන කාර්යාලයට තැපැල් ඡන්දය භාවිතා කිරීමට පැමිණි පාසල් මුරකරුවකු සිට ඡන්දය භාවිතා කර එය ඡංගම දුරකතනයෙන් ඡායාරූප ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (1) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ කුරුදුවත්ත ප‍්‍රදේශයේ පාසලක මුරකරුවකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
සැකකරු ගම්පොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුහා හැර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
COMMENTS
සමහරුන්ට වැසිකිළි ගියත් වීඩියෝ කරලා මුහුණු පොතේ දැම්මේ නැතිනම් නින්ද යන්නේ නැහැ.
එම පුද්ගලයා දේශපාලන හිතවත්කම් මත රැකියාව ලබා ගත් අයකු විය යුතුයි.
හාල්මැස්සන් අල්ලන්නේ නැතුව හිරුසඳුට නීතිය ක්‍රියාත්මක කළා නම් නරකද?
මේ මනුස්සයා මුරකරු නිසා මෙයාට නීතිය ක්‍රියාත්මක වෙනවා ක්ෂණිකව. කෝ අර පාදෙනියට නීතිය?
මම මේ නොදන්නා කමට අහන්නේ... ඡන්දය ප්‍රකාශ කරන තැනට දුරකථන අරගෙන යන්න පුළුවන්ද?
මේ වගේ නීතිය අකුරටම සිදුකිරීම හොඳයි. ඒත් එය පොඩි මිනිහට විතරක් වීම ගැන ගැටළුවක්... ඇතැම් අපේක්‍ෂකයින් වෙනුවෙන් රාජ්‍ය දේපල සහ මුදල් අතිවිශාල ලෙස භාවිතා කරන අවස්ථාවලදී ඔවුන්ට එය නතර කරන ලෙස උපදෙස් දීම හෝ සුළු අවවාදයක් දීමට පමණක් ක්‍රියා කරන්නේ ඇයි?