IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ඡන්දය ප්‍රකාශකරන්න වතුකම්කරුවන්ට උදේවරුවේ නිවාඩුදෙන්න’

(විනීතා එම් ගමගේ)
 
වතු කම්කරුවන්ට ඡන්දය  ප්‍රකාශ කිරීම සඳහා උදෑසන නිවාඩු දෙන්නැයි පැෆරල් සංවිධානය වතුහිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

සාමාන්‍යයෙන් වතු කම්කරුවන්ට ඡන්දය ලබාදීම සඳහා නිවාඩු ලබා දෙන්නේ පස්වරුවේ වන නමුත් මෙවර ඡන්දය විශේෂයක් සේ සලකා පෙරවරුවේ නිවාඩු දෙන්නැයි හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘ලංකාදීප’යට පැවැසීය.

මෙවර ඡන්ද පත්‍රිකාව දිගැති එකක් වන බැවින් එය කියවා ගැනීමට තරමක කාලයක් ගත වන බවත් අඩු අධ්‍යාපනයක් ඇති වතුකම්කරුවන්ට සවස් වරුවේ නිවාඩු දීමෙන් කාලය ප්‍රමාණවත් නොවීම නිසා ඡන්දය දීමට වේලාව ප්‍රමාණවත් නොවීමට ඉඩ කඩ ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

උදෑසනින් ඡන්දපොළට යාමෙන් ඡන්දපොළ පෝලිමේ සිටීමට සිදුනොවනු ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා මෙවර ඡන්ද පත්‍රිකාව තරමක් විශාල බැවින් ඡන්දය භාවිතා කිරීමට තරමක් වේලා ගත වන බවත් මේ නිසා පෝලිමේ රැඳී සිටිමට සිදුවන කාලය තරමක් වැඩි වනු ඇති බවත් කියා සිටියේය.

වලංගු හැඳුනුම්පතක් රැගෙන යන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටි ඔහු ඡන්ද කොලය ඇත්නම් එය ගෙන යන ලෙසත් එය නැතත් ලැයිස්තුවේ නම ඇත්නම් ඡන්දය භාවිතා කළ හැකි බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පොලවල රැඳී සිටීමෙන් වළකින්නැයි හෙතෙම තව දුරටත් සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.



අදහස් (1)

‘ඡන්දය ප්‍රකාශකරන්න වතුකම්කරුවන්ට උදේවරුවේ නිවාඩුදෙන්න’

රවින් Friday, 15 November 2019 09:33 AM

වතුවල සිදුවෙන ක්‍රියාවලිය ගැන කිසිම අවබෝධයක් නැතිව වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ. වතුවල සාමාන්‍යයෙන් වැඩ පටන්ගන්නේ උදේ හයට පමණ. තේ වතුවලනම් උදේම තේ දල්ල නෙලා ගත්තේ නැතිනම් හවස් වෙනකොට මුළු වත්තේම ක්‍රියාවලියන්ට බාධා ඇතිවෙනවා. දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 258 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site