( +++ අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් බල මණ්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුළු පක්ෂ යාන්ත්‍රණය වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප සංවිධායකවරුන්ට සහ මහජන නියෝජිතයන්ට පෙරේදා (12) උපදෙස් දුන්නේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප දිස්ත්‍රික් කළමනාකරුවන් හමුවූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත උපදෙස් නිකුත් කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුද දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ හමුවට එක්ව සිටියහ.
මහ මැතිවරණය සඳහා නව සංවිධාන ජාලයක් හඳුන්වා දීමට ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කටයුතු කරමින් සිටී.
කොළඹ වැනි දිස්ත්‍රික්කවල පක්ෂ සංවිධාන පිහිටුවීමට වඩා සමාජ ජාල, වෘත්තිකයන් දැනුවත් කිරීම වැනි ක්‍රම මගින් පක්ෂ සංවිධාන ජාලය ක්‍රියාත්මක කිරීමට නව සැලසුම් සකස් කෙරෙමින් පවතී.
මහ මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයින්, පළාත් පාලන නියෝජිතයින් සහ යොවුන් පෙරමුණු, ලක් වනිතා ඇතුළු ශාඛා සමිති ක්‍රියාකාරීහු ඉදිරි දිනවලදී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට කැඳවෙති
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’ඡන්දයට එජාප සංවිධාන වහාම සූදානම් කරන්න’’
sarath Friday, 14 February 2020 05:32 AM
හාමු මහත්තය කියනකම්මයි අපි බලාගෙන හිටියේ.
lalithm Friday, 14 February 2020 05:37 AM
නියත පරාජය............................කරුණාකර ඉවත් වී තරුණ ජවයකට ඉඩ දෙන්න.