
(ඩයනා උදයංගනී)
හෙට ඡන්දයක් පැවැත්වූවොත් රජය ඉන් පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය.
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගත් තීරණය ‘මිනිසුන් වස විෂ කාලා මිනිස්සු මැරුනත් කමක් නෑ මගේ ඡන්දය මම දිනනවා’ කියන මතයේ සිට ගත් තීරණයක් නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
එය මැතිවරණයකට ඉදිරිපත් වන කිසිම දේශපාලන නායකයෙක් නොගන්න ආකාරයේ තීන්දුවත් බව ද ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ලබාදෙන පළමු කාබනික පොහොර තොගය නිකුත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. කුඹුරු හෙක්ටයාර 2000 ක් සඳහා මෙහිදී කාබනික පොහොර ලබාදීම සිදුකෙරිණි.
මෙවැනි තීරණයක් ගැනීමට හැකි නායකයන් අඩු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එහෙත් හදවතින් නිවැරදි කාර්යයක් කරන්නේ නම් මොනතරම් අවලාද ආවත් අනිවාර්යයෙන්ම එම ගමන යන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
චීනුන්ට දොස් කියලත්, අපේ රටේ පාලකයන්ට දොස් කියලත් පලක් නැහැ. රටේ ජනතාව නේද දැන දැනම මේ පට්ට හොරුන්ව බලයට පත් කරන්නේ. රටේ ජනතාව දන්නවා නේ වර්තමාන ජනාධිපතිට බරපතල නඩු සහ චෝදනා තිබුණු බවත් සහ වර්තමාන ජනාධිපති, අගමැති මහින්ද, බැසිල් රටේ සම්පත් තුට්ටුවට විදේශිකයන්ට විකුණන බවත්. දැන දැනම මේ හොරුන්ව පත් කරලා, දැන් චීනුන්ටයි, ඇමෙරිකාවටත්, ඉන්දියාවටත් බැනල වැඩක් නැහැ.
කාබනික වැඩේ හොදයි. ඒත් කිසිම සැලසුමක් නැහැ.
ඕක කියන්න දෙයක් නොවෙයි ගෙදරක ඩිසිප්ලින් හදන්නේ තාත්තා. ළමයින්ගෙන් ඇසුවොත් කාටද ආදරේ කියලා අම්මට කියනවා. පොඩිහිටියෝ වැඩිහිටියෝ උනාම තේරුම් ගන්නවා එදා තත්තා කලදේ හරී කියල. දැන් ජනාධිපති කරන දේවල් හරී කියා තේරෙන්න කාලයක් යාවි. එතකම් ජනාධිපති හොඳ නැහැ වගේ පෙනේවි. තාත්තලා ළමයි හොඳට හදන්නේ ඔවුන්ගෙන් ජීවත් වෙන්න නොවෙයි. ජනාධිපතිත් රටට වැඩ කරන්නේ ජනාධිපති වෙන්න නොවෙයි. හැබැයි ළමයිනේ හොඳට හැදෙන්න නම් අනුර වාගෙ කොල්ලෝ ආශ්‍රය කරන්න එපා.
සාටකෙත් ඇදගෙනම එන්න ඡන්දෙ ඉල්ලන්න.
එහම කිව්වොත් මිනිසුන්ගේ අනුකම්පාව ලැබේවි. ඔක්කොම ගොන්නු කියලා හිතලාවත් සැනසෙන්නකෝ.
හෙට නොවෙයි කවදා තිබ්බත් වෙන්නේ ඔය දේම තමයි.
ගොන්පාර්ට් තේරෙන්න අරන්, බයිලා ගහලා වැඩක් නැහැ,
කෘෂිකර්ම ඇමතියෙක් තවත් ඉන්නවා කියලා ගොවීන් දන්නවා නම් මොකෑ වෙන්නෙ කියන්න.
සානුකම්පිත ඡන්ද ලබා ගැනීමට උත්සාහ කිරීම......
වෙන්නේ මොනවද කියලා තේරුණා එකත් වටිනවා.
මොල හතාලා ගාව ඕවයින් ගොඩ යන්න සැලසුම් ඇති අහලා බලන්න.
ඕනේ මොන්ටිසෝරි ළමයෙකුට මේක තේරෙනවා .කිරි වෙනුවට කැඳ පොවන්න කතා කරන අධ්‍යාපන ඇමතිලා ඉන්න
විකාර දොඩවනවා, ලෝකයේ දියුණු රටවල කාබනික පොහොර යොදල වවන ආහාර තිබෙනවා නමුත් මේවා සාමාන්‍ය ආහාර ද්‍රව්‍ය වලට වැඩිය දෙගුණයකින් පමණ මිල වැඩි වෙනවා.
ඔව්, ඔව්, වරෙල්ලා වරෙල්ලා. අපිත් දෙන්ඩ තමයි ලෑස්ති වෙලා ඉන්නේ. චීන අසුචි පොහොර ගහලා තමයි පන්නන්නේ. පල් හොරු.
මේත් කොමිසා වගේම පට්ට හොරෙක් තමයි .මුන්ගේ පවුලේ එවුන්ට යන්න වෙනම අපායක් දැනටමත් හැදිලා තියෙන්නේ .දේවාල වලින් හොර කැපුවත් ඇතිනේ
හරියට හරි .මේ වගේ රටවල් කන එවුන් ලෝකේ අඩුයි ,හැබැයි ලංකාවේ වැහි වැහැලා .මුන් චන්දෙ ගන්නේ දෙකට නැමිලා ඊට පස්සේ දිනලා රට මංකොල්ල කාලා ,රටේ කෑලි විකුණලා කොමිසුත් ගහනවා.කාලකන්නි
ඒ ගොල්ලන්ගේ ඡන්දයේ පොහොට්ටුව කියලා ලකුණක් නැහැ...
ආයේ ඡන්දයක් තිබ්බොත් සාටකෙන් බෙල්ලේ වැල දමාගන්න තමයි වෙන්නේ... මේ සැරේ බේරගන්න එන්න රනිලුත් නැත..
පොහොර ඕනෙ පොහොර ඕනෙ කියලා පෙළපාලි යන උන්ම තමා පෝලිමට ගිහින් හොරුන්ට කතිරෙ ගහලා දිනුවට පස්සේ උන්ව කරේ තියාගෙන එන්නේ. අපේ රටේ බහුතරයක් ඡන්ද දායකයෝ ඇවිල්ලා නගුලටවත් බඳින්න සුදුසු නෑ. මී ගවයන්ටත් අන්තයි.
කොහොමත් එයාලා පැනගන්න තමයි දැන් බලන්නේ.. හම්බ කරලා තියෙන්නේ ඇතිවෙන්න.