IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චීවරය කෙළෙසූ කුඩ්ඩා මාට්ටු

(විමුක්ති එස් රුද්‍රිගු)

ව්‍යාජ භික්ෂු හැදුනුම්පතක් සමග අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහි වූ සිවුරක් දරාගත් සැකකරුවකු සහ ඔහුට මත් ද්‍රව්‍ය මිල දී ගෙනවිත් දුන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි.

එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස 39  හැවිරිදි සැකකරු 2015 දී තමන්  එඬේරමුල්ලේ සෝමාලෝක නමින් පැවැදි වී ඇතැයි පවසා ඇති අතර ඔහුට මත්ද්‍රව්‍ය මිල දී ගෙනවිත් දුන් සගයාද වයස 52 ක එඩේරමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

මෙම සැකකරු මාස 7 ක පමණ කාලයක සිට පිණ්ඩ පාතයේ ගොස් ලැබෙන භාණ්ඩ විකුණා මත්ද්‍රව්‍ය සදහා මුදල් එකතු කර ඇති අතර එම මුදල්වලින් මිලදී ගන්නා මත්ද්‍රව්‍ය පානය කර තම බිරිඳට සහ දරු දෙදෙනාට හිරිහැර කරන බවට තොරුතුරු ලැබී ඇති අතර සහ මොහුගේ සගයාද මොහු සමග මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූ අයෙක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව එඩේරමුල්ල පොලිසිය කියයි.

කැලණිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි එඩේරමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  ,අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුදේශ් අසංක ,පොලිස් සැරයන් 49579 ශාන්ත ,පොලිස් කොස්තාපල් 66584ජගත් ,82109 සංජීව ,78652 ප්‍රසාද් යන මහත්වරු  සැකකරු අත්අඩංගුවට ගත්හ.

 



අදහස් (5)

චීවරය කෙළෙසූ කුඩ්ඩා මාට්ටු

පිටිගල මිලානෝ Friday, 03 December 2021 11:05 PM

ඩෝන්... ගාලා විශාල ශබ්දයක් අැහුණා කීමෙන් චීවරය කෙලෙසෙන්නේ නැද්ද? චීවර කෙලෙසෙන්නේ කුඩ්ඩෙක් ඇන්දොත් විතරද..?

:       1       2

කපිල අප්පු Saturday, 04 December 2021 05:58 AM

දැන් සමහරක් එවුන් ඉස්සෙල්ලා ගෙයක් හදාගන්නවා. නැත්නම් අම්මා අප්පා ගෙයක් හදලා දෙනවා. නැත්නම් ගෙයක් කුලියට ගන්නවා. කඩවලින් විශේෂයෙන් අන්‍යාගමික පුද්ගලයින් පන්සල්වලින් අරගෙන විකුණන සිවුරු ගන්නවා. ඇඳගෙන හාමුදුරුවන් වගේ ඉන්නවා.. ගුරු හාමුදුරු කෙනෙක් නැහැ.. මොනවා කරනවද කවුරුත් දන්නේ නැහැ.. ඇත්තටම ගම්මට්ටමින් ග්‍රාම නිලධාරින් ලවා සංගණනයක් සිදුකර මෙහෙම සිටින සියලු දෙනාම සිරකළ යුතුයි... නායක හාමුදුරුවෝ දේශපාලනය කරනවා..

:       0       4

යෝගා Saturday, 04 December 2021 06:10 AM

මේ කුඩ්ඩා විතරක් නෙවෙයි, චීවරය දරාගෙන දේශපාලනය කරන අයත් උතුම් චීවරය කෙලෙසනවා...

:       0       4

Jayasiri Hinniapuhamy. Rathnagiriya Saturday, 04 December 2021 08:53 AM

චීවරය කෙළෙසන මෙවැන්නවුන් ලංකාව පුරාම ඉන්නවා. මෙවැනි අය ජනපති, අගමැති සමග ඡායාරූප වලට පෙනී සිටිමින්, එම ඡායාරූප පොලිසිවලට පෙන්වමින් නීතියෙන් ගැලවී යයි.

:       0       4

මුනිදාස Saturday, 04 December 2021 12:20 PM

සිවුරට ගරු කරන්න ඕනෑ. නිදහස් කරන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site