
(රේඛා තරංගනී ෆොන්සේකා)
චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරිවල තිබූ රෝදවල සම්බන්ධක දණ්ඩට (ඇක්සලයට) සවිකර තිබූ තිරිංග (‘ඩිස්ක් බ්‍රේක්’) ඉවත් කර ඒ වෙනුවට මැදිරියේ රෝද වලට සෘජුවම තෙරපුම ඇති කරන තිරිංග පද්ධති (බ්‍රේක් ලයිනර්) සවිකිරීමට තීරණය කර තිබේ.
චීන මැදිරි වලින් ‘ඩිස්ක් බ්‍රේක්’ ඉවත් කර ‘බ්‍රේක් ලයිනර්’ සවිකිරීමේ කාර්යය නියමු ව්‍යාපෘතියක් ලෙසින් රත්මලාන දුම්රිය කාර්මික වැඩපොළට බාර දී තිබේ.
චීන දුම්රිය මැදිරිවල තිරිංග පද්ධතිය ඉතාමත් දුර්වල තත්ත්වයක පැවතීමෙන් චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියැදුරෝ පසුගියදා තීරණය කළහ.
පැරණි දුම්රියන්වල තිරිංග පද්ධතිය ඍජුවම රෝද වලට සම්බන්ධ වන ආකාරයට සැකසී තිබුණ ද චීන දුම්රියන්වල ඇක්සලය වෙතට සම්බන්ධ වූ තැටියකට බ්රේක් සැකසී තිබීම දක්නට ලැබෙන බව ඒ මහතා පැවසීය.
ඒ අනුව රියදුරු දුම්රිය රියැදුරන්ගේ ඉල්ලීමට අනුව මෙම තිරිංග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කිරීමට ඇරඹි බව ඒ මහතා පැවැසීය.
තිරිංග මැදිරි 19 ක් ඇතුළුව මැදිරි සීයක් ප්‍රතිනිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ඒ මහතා මුලික පියවර ලෙස රෝදවලට බ්රේක් සම්බන්ධ කිරීම සිදු කරමින් සාමාන්‍ය රුමේනියානු මැදිරියක් දුම්රිය අංගනයේ සැකසූ බව පැවසීය.
එය සාර්ථක වූ හෙයින් මෙම චීන මැදිරි ද පැරණි තිරිංග ක්‍රම වේදයට සැකසීම ඇරඹි බව පැවසීය.
පසුගිය කාලයේදී රුමේනියානු මැදිරි වායු තිරිංග මැදිරි ලෙස පරිවර්තනය කරමින් දුම්රියන් වෙත තාවකාලික යෙදවීම සිදු කළ බවත් ඔහු පැවසීය.
චීන මැදිරිවල තිරිංග පද්ධතියේ මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතාගෙන් අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ එම දුම්රිය මැදිරි ධාවනයේ දී විශාල අවස්ථා ගණනාවක දී දෙකඩ වීම් වැනි විවිධ ගැටළු මතු වූ බවයි.
එවැනි අවස්ථාවන් හිදී දුම්රිය නීති රෙගුලාසිවලට අනුව දුම්රිය රියදුරන්ට විවිධ චෝදනා ගොනුකර අලාභය අයකර ගැනීමට පාලනාධිකාරිය කටයුතු කළ බව පැවසීය.
පැයට කිලෝමීටර් 120 කින් ධාවනය කරන්නට ලංකාවට රැගෙන ආ මෙම චීන දුම්රිය මැදිරි නඩත්තු කිරීමට ඉහළ තත්වයෙන් සිදුකළ යුතු බව ඒ මහතා පැවසීය.
සාමාන්‍යයෙන් පැරණි දුම්රිය මැදිරි වසර ගණනාවකට පසු නඩත්තු කිරීම සිදු වුවත් චීන මැදිරි ඉතා ඉහළ නඩත්තුව ලක් විය යුතු තත්වයක් පවතින බව ඒ මහතා කීවේය.
චීන මැදිරි ඉහළ කඳුකර මාර්ගයේ ධාවනයට එක් කලත් තිරිංග පද්ධතියේ දුර්වලතාවයන් දක්නට ලැබුණු බව සඳහන් කළ ඒ මහතා කෙසේ වුවද මෙකී දුම්රිය මැදිරිවල තිරිංග පද්ධතිය නිසියාකාරයෙන් සැකසීමේ අත්‍යාවශ්‍යතාවක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෘත්තීය කාරයින් විනාශ කරන්න අපි මෝඩයින් නොවේ. ලෝකයේ දුම්රිය පිළිබඳව දැනුම ඇති අපක්ෂපාත කෙනෙක්ගේ සේවය ගැනීම තමයි කළ යුතුව තිබුණේ... නමුත් වෘත්තීය සමිතිවලට බයවෙලා ඒක පාක්ෂිකව මේක විසඳුව හැටි නම් ලැජ්ජයි සර්..
ඔය දුම්රිය ගෙන්නන්න ඉස්සර ඒ අයටම කිව්වා නම් ඩිස්බ්‍රේක් සවිකරලා එවන්න..!!! කියලා වියදම් අඩු කරන්න තිබුණා.
දුම්රිය මැදිරි හෝ එන්ජින් ගෙන්වන්න කලින් පරීක්ෂණ වලට කියලා සිය ගාණක් ඒ රටවලට ගිහින් එනවා. ඒ වුණාට අන්තිමට ගෙනාවම තමයි දන්නේ ඒවායේ තියෙන අඩුපාඩු... මට මතක විදියට ඔය මැදිරිවල තියෙන්නේ එයාර් බ්‍රේක් නිසා ලංකාවේ එන්ජින් අමුතුවෙන් ඒකට ගැලපෙන්න හදන්න වුණා. තව කතා බොහොමයක් තියෙනවා.
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙන්න යන්නේ.. අපේ කට්ටිය එකතු වෙලා තිබුණ හොඳ තාක්ෂණික එන්ජින් වලට කරපු දේ තමයි මේ පෙට්ටි ටිකටත් කරන්නේ...
දැන් තිරිංග නැතිවද යන්නේ? මගේ අම්මෝ...!!!
මම මේ අහන්නේ ඕවා ආනයනය කරන කොට, මේ දෙපාර්තමේන්තුවෙන් ඕවා බලලා නෙවෙයිද ආනයනය කරන්නේ..? පරීක්ෂණ ධාවන කියලා දුවනවා. ඉතින් නඩත්තු කරන්න බැරිනම් මුලින්ම ගේන්න එපා කියලා ස්ට්‍රයික් කරන්න තිබ්බනේ. එක එක කාලෙට එක එක ඇමැතියාට කුට්ටිය කපාගන්න ඉඩ දීලා අන්තිමට මගීන් අමාරුවේ දානවා.
ඉන්දියාවෙන් ගෙනාව එන්ජින් දුවන්න බැහැ.
M9 කෑවා වගේ, මේකත් කෑවා. අනික් රටවල් වල ඩිස්ක් බ්‍රේක් තියෙන මැදිරි තියෙන්නේ, රුමේනියන් ඒවාත්. මැලේසියාවේත්. මේ දෙපාර්තමේන්තූ යන්නේ රුවිතෙට වෘත්තීය සමිතිවලට ඕනෑවට. රජයේ විශ්වවිද්‍යාල වලින් පිටවන බොහෝමයක් එවුන්ට ඔලුව පාවිච්චි කරලා රස්සාවක් හොයන්න බැහැ. තේරෙන්නේ නැහැ. ළමයි හදන තර්ක ඇරෙන්න අනික්වා ඔක්කොම රජයෙන් දෙන්න ඕනෑ. ඔවුන්ව මේ දෙපාර්තමේන්තුවලට දානවා ඉහළ පුටුවලට.... ඔවුන් දන්නේ එච්චරයි.
බඩු බාන්න බෑ කියලා මෙට්‍රෝ එක කැන්සල් කරපු අයගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඕවා සියදහස් වාරයක් ටෙස්ට් කරලා තමයි තියෙන්නේ... ඕකට හරියන්න එන්ජිම නැත්නම් එන්ජිම ගෙන්නන්න තියෙන්නේ මේ කරන්නේ අපරාධයක්.. CGR අයගේ දැනුම හිතාගන්න පුළුවන්. දුකයි මේ කරන දේවල්වලට...
ඕවා සියදහස් වාරයක් ටෙස්ට් කරලා තමයි තියෙන්නේ. අවදානය නැතිව ධාවනය කළ නොහැකිය. මේ තිරිංග හින්දා මාරු කරන්නම ඕනෑ...
රෝද අස්සට පොල්ලක් දාලා නවත්තපල්ලකෝ බරකරත්තේ විදිහට...