ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා අද (20) උදෑසන හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණේය.
කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී චීන තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා එලෙස හමුවිය.
එහිදි දෙරට අතර තිබෙන ද්විපාර්ශවීය සාකච්ඡා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇත.
චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.
055


COMMENTS
සජිත් පිල මහා ඡන්දෙකට කැමති නැත්තේ අලුත් පක්ෂයක් ලියාපදිංචි කරන්න හිතාගෙන. රනිල් මහා ඡන්දෙකට කැමති වුණානම් ඉවරයි.
අපට ආරංචියි ජනාධිපති කාර්ය මණ්ඩලය 1000 කින් අඩු කරනවා, ජනාධිපති ආරක්ෂක බලකාය අවම කරනවා, ඇමති මණ්ඩලය සහ අමාත්‍ය ලේකම් වරුන්ගේ ගණන 15 කට අඩු කරනවා, ජාතික ගීය සිංහලෙන් පමණයි, මැති ඇමති වරුන්ගේ බාර් පර්මිට් අවලංගු කරනවා වගේ තීරණාත් අරගෙනය කියල. ඒ වගේම බෙදුම් වාදී කණ්ඩායම් වලට "එම අදහස අත හැර කියනදේ අහගෙන කටයුතු කරන්න බැරිනම් කටවහගෙන ඉන්න" කියලත් කීවාලු. චෝදනා ලබා සිටින කිසි කෙනෙකුට තනතුරු දෙන්නේ නැහැ කියල කීවට මොකද අර ජයසුන්දර මහත්තය ගත්තේ කොහොමද කියලත් සමහරු අහනවා. නඩු හබ ගැන නම් තවම වචනයක්වත් කියල නැහැ. ඔහොම යමු.