IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


චීන කාබනික පොහොර සමාගම ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලයි

(යොහාන් භාසුර)

විවාදාත්මක තත්ත්වයකට පත්ව තිබෙන කාබනික පොහොර සැපයුම්කරුවකු වන චීනයේ චින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 8 ක් හෙවත් රුපියල් ලක්ෂ 16000 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර ඇති බව වාර්තා වේ.

එම සමාගමේ පොහොර ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායනය සේවයෙන් මෙම වන්දිය ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ.

එම සමාගමට අයත් කාබනික පොහොර රැගත් නෞකාව ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. 



අදහස් (11)

චීන කාබනික පොහොර සමාගම ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලයි

අගුපිලගේ Monday, 08 November 2021 11:44 AM

ඕක තමා කියන්නෙ බල්ලො එක්ක බුදියගත්තම බලු මැක්කො සමග නැගිටින්න වෙනවා කියලා.රසායනික පොහොර ටික කලකට දීලා කොම්පෝස්ට් අත් හදා බැලීමෙන් පසුව තීරණ ගැනීම කලා නම් මෙහෙම නොවෙන්න තිබුනා තීරණ ගන්න ඇත්තෙ කලබලෙන් කොරොස් කටෙත් අතදාන්න බැරි බව නොදන්නා අයෙක් වෙන්න ඇති

:       1       35

RatneMonday, 08 November 2021 11:54 AM

ඔබ සමඟ 100% එකඟයි.

:       0       28

Nuwan Monday, 08 November 2021 12:24 PM

සාම්පල් පරීක්ෂා කරන්නත් කලින් මුග්ද අමන පාලකයෝ චීනා ගෙන් ඇනවුම් කරලත් ඉවරයි. ඒකයි මෙතන තියන ගැටලුව

:       0       33

Nuwan Monday, 08 November 2021 12:26 PM

දන්නා කාලේ සිටම රසායනික පොහොරට හුරු උණු පසට එක රයකින් කාබනික පොහොර දාලා වගා කරන්න කීම මෝඩ තීරණයක්.

:       0       25

Hafeel Monday, 08 November 2021 12:38 PM

තවදුරටත් චීන අපේ මිත්‍ර රටක්ද? එස් බී දිසානායක අපේ මහානායක ස්වාමීන්වහන්සේ ඉදිරිපිට කිව්වා නේද චීන ඕනේ තරම් මුදල් දෙන්න සූදානම් කියල. දැන් තේරනවද?

:       0       21

ජනතාව Monday, 08 November 2021 01:10 PM

බය වෙන්න එපා... අත යට මුදල් ගත්ත දේශපාලුවන්ට වාසිවෙන්න රටේ සල්ලි පිටරැටියන්ට විසි කරන්න කැමති කොඳු නැමිච්ච තම පුද්ගලික වාසියට වැඩ කරන වහල් රට වැසියන් බහුතරයක් සිටින බව චීන්නුන්ටත් ආයෙත් පසක් වුණා. මෙතනදි මේ වහල් ස්වාමිවරු රටේ සාමාන්‍යය පවුල්වල දරුවන්ගෙ අනාගතයට තියන ආර්ථික පීඩනය තමා වැඩි කලේ. මොකද ඇති හැකි අය නම් ක්‍රිකට් මැච් එකක් බලලා සෙල්ෆියක් ගහලා මුහුණු පොතේ දාලා සතුටින් ඉන්නවනේ...

:       0       11

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 November 2021 01:10 PM

බුද්ධිමත් ශ්‍රී ලාංකිකයනි, සියලු දේශපාලන භේද භින්න අමතකකොට අවංකව සිතා බලන්න.මේ චීනා දැනටම මෙහෙම නම්,අප ඔබලා නැති යුගයක අපේ අනාගත පරපුරට මොනතරම් වේදනාකාරී තර්ජනාත්මක තත්වයක් ඇතිකරාවිද? එනපොට හොඳ පාටක් නම් පේන්නේ නැහැ. පක්ෂ, පාට නොබලා කටයුතු කොට අපේ රට අනාගත පරපුරට රැකදීම කළයුතුයි නේද? කොයි පක්ෂයේ හෝ බොහෝ දේශපාලකයින් වෙර වඩනුයේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් යමක් කිරීමයි. ඒ දේශපාලනයේ හැටියි. දැන් දැන් නොපමාව නුවණින් සිතා කටයුතු කොට චීණාට ගැතිකම් නොකරන කෙනෙකු බලයට ගෙනා යුතුය. එහෙත්, එවැන්නෙක් සිටීදැයි සිතෙනුයේ, බලයට ආ විගස ඔවුන් සැමදෙනා කරන්නේ සිතීමට හෝ නොහැකි දේය. ඒ කෙසේ වෙතත්, චීනාගේ බැඳීම් වලින් අපරට මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම කළ යුතුමයි.

:       1       14

anaMonday, 08 November 2021 03:43 PM

වරද චීනාගේ නොවේ. අපේ අයගේ. අනුමත නොකළ පොහොර ආනයනය කළේ ඇයි,? අපි අමතක නොකළ යුතුයි යුද්දේ වෙලාවේ අපට උදව් කළ අය. නමුත් එහෙම කියලා අපි ගැති වෙන්න ඕන නැහ. අපේ අයගේ වරදට චීකට බැනලා වැඩක් නැහ. චීනෙන් නොවේ අමෙරිකාවෙන් ගෙනාවත් වෙන්නේ මේ ටික තමයි. ඇණවුම් කරලා ගෙනාවට පසුව ගත්තේ නැත්නම් දඩ ගෙවන්න වෙයි.

:       0       3

නිහාල් Monday, 08 November 2021 09:14 PM

සමාගමකට සිය අපනයන ගිවිසුම් අනුව අයිතියක් තියෙනවා අධිකරණයෙන් සහනයක් ලබා ගන්න. ඇනවුම තහනම් කිරීම නීති විරෝධී ලෙස කරලා නම් වන්දි ගෙවන්න වෙනවා. චීන නොවේ, අප්‍රිකන් වුණත් එහෙමයි. රටක දේශපාලකයින්ට බැහැ ජාත්‍යන්තර වෙළෙඳ නීති වලට එරෙහි වෙන්න...

:       0       0

chinthaka Monday, 08 November 2021 02:31 PM

නියපොත්තෙන් කැඩිය හැකිදේය පොරොවෙන් කපන්න තියන්න එපා. අපේ රටේ සිටින සියලුම චීන්නු රටෙන් පන්නා දැමීම පටන් ගැනීමට කාලයයි.චීන තනාපතියාව වහාම රටෙන් එළවා දැමිය යුතුයි.ඒ සඳහා මහජන උද්ගෝෂණ අනිවාර්යයෙන්ම අද හෝ හෙට පටන් ගන්නවා නියතයි.

:       0       12

ටිකිරා Monday, 08 November 2021 03:39 PM

එස් බී දිසානායක අපේ මහානායක ස්වාමීන්වහන්සේ ඉදිරිපිට කිව්වා නේද චීන ඕනේ තරම් මුදල් දෙන්න සූදානම් කියල...... දැන් අපෙන් ඉල්ලනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site