(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
චීන ආරක්ෂක ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂක රථ පෙළකින් කොළඹ කරා පැමිණෙද්දී බොරැල්ල මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල පුද්ගලයකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම පුද්ගලයා අනෙකුත් රියදුරන් උසි ගන්වමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජමාධ්‍ය ජාලා ඔස්සේ සහ එම අවස්ථාවේ එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණ වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වසර දහයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරට පැමිණි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයෙකි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීන ඇමැති එද්දී පොලිස් රාජකාරියට බාධා කළ අයෙක් අල්ලයි
Ruwan Friday, 30 April 2021 02:20 AM
පාර වහල මිනිස්සුනට වෙන අපහසුතාවය ගැන .. කියල වැඩක් නෑ .
සිරිබිරිස් Friday, 30 April 2021 03:01 AM
අවුරුදු දහයක් ඕස්ට්‍රේලියා වල ඉඳල මෙහෙ පදිංචියට එන්න, හැබෑවට මොන මෝඩයෙක් ද?
Prasad Friday, 30 April 2021 03:26 AM
පිට කොන්දක් නැති 8 පාස් නිලධාරීන්ගෙන් ඔයිට වඩා දෙයක් නැහැ.
sharm warn Friday, 30 April 2021 04:09 AM
චීන ආරක්ෂක ඇමැති කියන්නේ පස්සෙන් යන හිඟන්නන්ට ලොකු මිනිහෙක් වෙන්න ඇති. නමුත් රටේ මිනිස්සුන්ට අවහිර කරගෙන, දක්කගෙන යන්න තරම් වැදගත් කෙනෙක් නෙමෙයි. බයියන්ගේ අමනකම් නිසා රටක් වැටිච්ච තැනක්... සිරිමාවෝ මැතිණිය චීනයට ගියාම එළිසබෙත් රැජිණ වගේ පිළිගත්තේ. අද අපිට චීන ඇමැතියකුත් දණ නමන්න කියනවා. දීන කම ඉහවහා ගිහිල්ලා..
chathura Friday, 30 April 2021 04:17 AM
රට ඉඳලා ආපුවාම අමුතු රඟපෑම් කරන්න යෑමේ විපාක. ඕනෑ කෙනෙකුට තේරෙනවා දැන් ඉන්න ජනාධිපතිතුමාවත් පාරවල් වහලා ගමන් යන්නේ නැති බව... විදේශ රටක ඉහළ නිලධාරි කෙනෙකු ගමන් කරන බව. එ් බව තීරණය කරන්නේ ඔවුන්ට තියෙන තර්ජන අනුව (ඇමෙරිකාව, රෝ ඔත්තු සේවය, තායිවානය ජපානය මේ හැමෝගෙන්ම). අපේ රටේ ජනාධිපතිතුමා, ක්‍රිකට් කණ්ඩායමටත් විදේශ රටකට ගියවිටත් මේ විදිහටම ආරක්ෂාව දෙනවා. හැඟීම් වලට වහල් වුණාම මිනිස්සු මෝඩයන් වීමට උදාහරණයක්...
aseFriday, 30 April 2021 10:13 AM
"රට ඉඳලා ආපුවාම අමුතු රඟපෑම් කරන්න යෑමේ විපාක. " ඔය කියන්නෙ සැර් ගැනත්
Ramayya Borella Friday, 30 April 2021 05:09 AM
සිරිබිරිස්, ඒ ලංකාවේ ඉන්න පචෝරිස්ලාගේ ගෝඨයිම්බරයන්ගේ විස්තර ඕස්ට්‍රේලියාවට පන්නන්න වෙන්න ඇති බාධා කෙරුවේ..?
Sanju Friday, 30 April 2021 05:19 AM
පාරේ ඉන්න පොලීසියේ අය අසරණයි... ලොකු පුටුවල ඉන්න අය දෙන අණ පිළිපැසිය යුතු නිසා. අවජාතක පාලකයන්ගේ ගැහැණු කඩේ යන්නත් පාරවල් වහනවා. රටේ මෙච්චර අවදනම් තත්වයක් තියෙද්දිත් ලෙඩෙක් අරන් රෝහලකට යන අය කොච්චර අසරණ වෙනවද මහපාරේ..? පව් අර මනුස්සයා.. ලෝකයේ දියුණු රටවල් වගේ නොවේ. දැන් අපේ රට මිහිපිට අපායක් වෙලා.
දිමුත් Friday, 30 April 2021 05:23 AM
ඔව් ඉතින් අපේ ඇමතිලා වගේද චීන ඇමතිලා?
විතානාරචචි Friday, 30 April 2021 05:39 AM
චීනය. රුසියාව වැනි රටවලත්, හමුදා පාලනය කරන රටවලත් ඔය වාගේ අත්අඩංගුවට ගැනීම් කරනවා ජනතාව බිය කර තබාගැනීමට. අධිකරණයෙන් සාධාරණයක් වෙයි කියලා හිතනවා.
ලුම්බිණි Friday, 30 April 2021 06:01 AM
මේ පුද්ගලයා කරපු කිසිම බාධාවක් නැහැ. කලේ තමන්ගේ අසතුට පල කිරීමක්. දැනටම අපේ රට චීනේ වෙලා ඉවරයි වගේ.
chandima Friday, 30 April 2021 09:07 AM
කලබල වෙන්න එපා මිනිහා ආපහු ගිහින් දේශපාලන රැකවරණ ඉල්ලන පසුබිම සකස්කරගන්නවා. උදව්වක් කරන්න.
[email protected] Friday, 30 April 2021 09:08 AM
ඕස්ට්‍රේලියා ඉන්දපු එකෙක් නිසා ඔලුව ලොකු වෙලා; ඔනෙම රටක මෙ වාගෙ විශේෂ ඉහල කෙනෙක් එන විට ; ඒ අයට යන්න පාරවල් වල ආරක්ෂාව සපයනවා, වසලා යනතුරු
Bamunuarachchi Friday, 30 April 2021 02:41 PM
මොවුන් එල්ලෙන්න වැල් නැතුව ඉන්න ජෙප්පෝ...