( තිළිණි ද සිල්වා )
කෝවිඩ් 19 වයිරසය මර්දනය සදහා චීනයේ නිපදවූ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පෙබරවාරි මැද භාගයේදී ශ්‍රී ලංකාවට බාර දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද (27) නිවේදනය කළේය.
චීනයේ සිනෝෆාම් ඖෂධ සමාගම නිපදවූ එම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3 චීන රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන්නක් බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
මෙම සිනෝෆාම් එන්නත මේවන විටත් චීනය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , සර්බියාව , බහරේන් , ජෝර්දානය , ඉරාකය , පකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක් මෙම එන්නත ජනතාවට ලබාදීම සඳහා අනුමැතිය ලබාදී ඇතැයි එම තානාපති කාර්යාලය පෙන්වා දේ.
තවද සීෂෙල්ස් ජනාධිපති , බහරේන් අගමැති , ජෝර්දාන් අගමැති , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති ඇතුළු ලොක නායකයින් රැසක් මෙම එන්නත ලබා ගෙන ඇති අතර පෙරේදා (26) දිනය වන විට මෙම එන්නත කිසිදු අතුරු ආබාධයක් නොමැතිව මිලියන 20 අධික පිරිසක් ලබා ගෙන ඇතැයිද චීන තානාපති කාර්යාලය කියා සිටී.
චයිනා නැෂනල් පාමසූටිකල් පුද්ගලික සමාගම නිපදවන සයිනොපාම් එන්නත රටවල් ගණනාවක තුන්වන අදියරේ පරීක්ෂණ මට්ටම පසුකර ඇති අතර මෙම පරීක්ෂණවලදී කොවිඩ් ආසාදනයවීම වැළැක්වීම සම්බන්ධයෙන් සියයට 79 ත්, සියයට 86ත් අතර ඵලදායීතාවයක් පෙන්වා දී ඇති එන්නතක් යැයිද චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
COMMENTS
කොරෝනා වයිරසය ලෝකයට දායාද කරපු චීනයම නිපද වූ සිනෝෆාම් එන්නතේ අතුරු ආබාධ කිසිවක් නැහැ කියලා කියන්නේ චීනයමයි... මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. දැනට චීන සිනෝෆාම් එන්නත භාවිතා කරපු බ්‍රසීල වාර්තාවක් තියෙනවා එහි සඵලතාවය 50.5% කියලා.. මේ පිළිබඳව හොඳට අන්තර්ජාලයේ හොයා බැලුවොත් ගොඩක් විස්තර තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්... එන්නත් ලක්ෂ 3ක් කියන්නේ... පළමු එන්නත සහ දෙවැනි එන්නත විදිහට දෙන්න පුළුවන් ලක්ෂ එකහමාරකට...
මේ එන්නත ගත්තා කිසිම අවුලක් නැහැ... අද වෙන තුරු UAE වල...
පැණි සෙල්ලම් පෙන්න පෙන්න හිටියේ චීනෙන් කොමිස් තියාගෙන ගෙන්වන්න. ඉස්සෙල්ලා පොඩ්ඩක්.. නිකන් පස්සේ තමයි ගාණ කපන්නේ.. අපි නොදන්න අපේ ලොකු උන්දැලා...!!!
ඒ කියන්නේ චීන්නුත් දැන්, මීයන් වෙනුවට මීහරක්ව ඔවුන්ගේ පරීක්ෂණ සඳහා යොදා ගන්නවද?
රජය පැහැදිලිවම ඉහළ ප්‍රතිශතයක් සාර්ථක වෙන්නත් ලෝකෙට හඳුන්වලා දුන් දවස්වල ගිවිසුම් වලට ආවේ නැත්තේ චීනයේ එන්නත එළියට එනකම්. නුවන් කිව්වා වගේ එතකම් රටේ මිනිස්සුන්ට පැණි විගඩම පෙන්න පෙන්න හිටියේ.
ඔය මොනතරම් කිව්වත් එංගලන්තයේ පැත්තට ඔලුව හරවගෙන නිදාගන්න අර සංගමයේ ඔය බෙහෙතට කැමති වෙයිද? දන්නේ නැහැ...
මොකක්ද මේ නන්දසේන කරන වැඩේ අපේ රටට? රටේ තියෙන සම්පත් ටික විකුණනවා.
ඒ කියන්නේ නන්දසේන නිකම් ලැබුණු බෙහෙත් ටිකට හරි යන්න ජැටිය නිකන් දෙනවා.