චීනයේ සිනොවැක් සමාගම නිපදවා ඇති කොරොනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබේ.
'සිනොවැක්' නමින් හැඳින්වෙන මෙම එන්නත, 'කොවිඩ් 19' කොරෝනා වයිරසයට එරෙහිව චීනය නිපදවූ දෙවැනි සාර්ථක එන්නතය. චීනයේ අනෙක් සාර්ථක එන්නත වන්නේ ශ්‍රී ලංකාවේ ද භාවිතයට ගැනෙන 'සයිනෝෆාම්' එන්නතය. 'සයිනෝෆාම්' එන්නත ද හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී ඇත.
ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණු දෙවැනි චීන එන්නත මෙයයි. මේ වනවිට චීනයේ තවත් ඖෂධ සමාගම් රැසක් ද කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් නිපදවමින් සිටින බව වාර්තා වේ. 'සයිනෝෆාම්' එන්නත සේම, මෙම 'සිනෝවැක්' එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විතය.
සිනොවැක් එන්නත ආරක්ෂිත, ඵලදායී හා ගුණාත්මක බව සහතික කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් නිවේදනය කළේ ඊයේ (1) පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙම එන්නත පහසුවෙන් ගබඩා කිරීම හේතුවෙන් අවම සම්පත් සහිත පරිසරයට ඉතා සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය
Sri Lanka Wednesday, 02 June 2021 03:50 PM
අපේ අය ගෙනැල්ලා ගහලත් ඉවරයි. ඒ මදිවට එන්නත් කර්මාන්ත ශාලාවක් දාන්නත් හැදුවේ.