චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (14) කොළඹ වරායට සේන්දු විය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
චීන නාවික හමුදාවේ සාගරික මිනුම් ඒකකයේ නියෝජ්‍ය ආඥාපති, ජ්‍යෙෂ්ඨ කපිතාන් ජෑන් බොරැන් මහතා නෞකාවේ අණදෙන නිලධාරී බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවිය.
එහිදී ඔවුහු සුහද පිළිසඳරක නිරත වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගත්හ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා සහ නෞකාවේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.
සංචාරය නිමා කිරීමෙන් අනතුරුව (19) වැනි දින ‘ෂු කේ ෂෙන්’ නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)








COMMENTS
ඡන්දයක් තියෙන අතර වාරේ මොකද මේ චීන නැවක්ම කොළඹට එන්නේ? 1971 අප්‍රේල් ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක කැරැල්ලක් සංවිධානය කරපු අවස්ථාවේද චීනයට අයත් මේවගේ නැවක් කොළඹට ආසාන්නයේ නවතා තිබුන බවට කතාවක් පැතිරී ගියා මතකයි. එහි තිබුනේ කොළඹ ප්‍රධාන ශාලාවක පැවැත්වීමට සංවිධානය කර තිබු චිත්‍ර ප්‍රදර්ශනයකට අවශ්‍ය බඩු බාහිරාදිය කියලයි ඒ කාලයේ කතාවක් පැතිරුනේ. ජවිපෙ කැරැල්ල ආරම්භ කරන්නට තිබුනේ සිංහල අවුරුද්ද දවසේ උනත් ඒ සඳහා ගෙන යමින් තිබුන අත් බෝම්බයක් ඊට දවස් දෙකකට කලින් පුපුරා යාම හේතුවෙන් එම රහස එලිවුනා. ඉන්පසු රට තුල විශාල කැළඹීමක් පැතිරී ගියා. එම සිද්ධියෙන් පසු ඉහත කී නැව වරායට ඇතුල් වන්නේ නැතුවම ආපසු ගිය බවටත් එම නැවෙන් කැරලිකරුවන්ට ලබාදීම සඳහා අවි ආයුධ තොගයක් ගෙන ආවා බවටත් කැරලිකරුවන්ගේ සහයට පැමිණි ගරිල්ලා සටන් පුහුණුව ලැබූ හමුදා භට පිරිසක්ද එහි සිටි බවටත් ඒකාලයේ කට කතා පැතිරී ගියා මතකයි. මේ වෙලාවේ ඒ කතාව මතකයට ආ නිසයි ලියන්නේ.
මේ අවස්ථාවේ ඇමෙරිකන් යුද නැවක් ආවා නම් හැම දෙනාම විරෝධය පාන බව සහතිකයි...
ගිය පාරත් (2015) ජනාධිපතිවරණය වෙලාවේ මේ වගේම නැවක් ආවා මතක ඇති. එයාලා එන්නේ එයාලගේ බිස්නස් ආරක්ෂා කරගන්න. ඩීල් වලට.