IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


චීනයේ ‘ෂු කේ ෂෙන්’ නෞකාව කොළඹ වරායට

චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (14) කොළඹ වරායට ‍සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.  

චීන නාවික හමුදාවේ සාගරික මිනුම් ඒකකයේ නියෝජ්‍ය ආඥාපති, ජ්‍යෙෂ්ඨ කපිතාන් ජෑන් බොරැන් මහතා නෞකාවේ අණදෙන නිලධාරී බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවිය.

එහිදී ඔවුහු සුහද පිළිසඳරක නිරත වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගත්හ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා සහ නෞකාවේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.

සංචාරය නිමා කිරීමෙන් අනතුරුව (19) වැනි දින ‘ෂු කේ ෂෙන්’ නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)

 



අදහස් (6)

චීනයේ ‘ෂු කේ ෂෙන්’ නෞකාව කොළඹ වරායට

sirimal Thursday, 14 November 2019 02:07 PM

ඡන්දයක් තියෙන අතර වාරේ මොකද මේ චීන නැවක්ම කොළඹට එන්නේ? 1971 අප්‍රේල් ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක කැරැල්ලක් සංවිධානය කරපු අවස්ථාවේද චීනයට අයත් මේවගේ නැවක් කොළඹට ආසාන්නයේ නවතා තිබුන බවට කතාවක් පැතිරී ගියා මතකයි. එහි තිබුනේ කොළඹ ප්‍රධාන ශාලාවක පැවැත්වීමට සංවිධානය කර තිබු චිත්‍ර ප්‍රදර්ශනයකට අවශ්‍ය බඩු බාහිරාදිය කියලයි ඒ කාලයේ කතාවක් පැතිරුනේ. ජවිපෙ කැරැල්ල ආරම්භ කරන්නට තිබුනේ සිංහල අවුරුද්ද දවසේ උනත් ඒ සඳහා ගෙන යමින් තිබුන අත් බෝම්බයක් ඊට දවස් දෙකකට කලින් පුපුරා යාම හේතුවෙන් එම රහස එලිවුනා. ඉන්පසු රට තුල විශාල කැළඹීමක් පැතිරී ගියා. එම සිද්ධියෙන් පසු ඉහත කී නැව වරායට ඇතුල් වන්නේ නැතුවම ආපසු ගිය බවටත් එම නැවෙන් කැරලිකරුවන්ට ලබාදීම සඳහා අවි ආයුධ තොගයක් ගෙන ආවා බවටත් කැරලිකරුවන්ගේ සහයට පැමිණි ගරිල්ලා සටන් පුහුණුව ලැබූ හමුදා භට පිරිසක්ද එහි සිටි බවටත් ඒකාලයේ කට කතා පැතිරී ගියා මතකයි. මේ වෙලාවේ ඒ කතාව මතකයට ආ නිසයි ලියන්නේ.

:       400       168

NishanFriday, 15 November 2019 04:48 AM

මේ සැරේ ගෙනාවනම් බඩු ගේන්න ඇත්තේ චීනෙට සින්නක්කරව රට ලියලා දෙන කෙනාට වෙන්න ඇති.

:       53       2

rajuFriday, 15 November 2019 09:09 AM

හම්බන්තොට වරාය විකුණපු කෙනාට දෙන්නද ?

:       13       33

sanjeewaFriday, 15 November 2019 09:08 AM

රටේ ලෝකේ වෙන්නේ මොකද්ද කියල දන්නේ නැති අයගේ මෝඩ අදහස්. 1971 දී අපේ උදව්වට ගුවන් යානා එව්වේ චීනෙන් හා රුසියාවෙන්.

:       1       75

ලුම්බිණි Friday, 15 November 2019 01:08 AM

මේ අවස්ථාවේ ඇමෙරිකන් යුද නැවක් ආවා නම් හැම දෙනාම විරෝධය පාන බව සහතිකයි...

:       0       215

jayamal Friday, 15 November 2019 01:52 AM

ගිය පාරත් (2015) ජනාධිපතිවරණය වෙලාවේ මේ වගේම නැවක් ආවා මතක ඇති. එයාලා එන්නේ එයාලගේ බිස්නස් ආරක්ෂා කරගන්න. ඩීල් වලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තනි රෝදයෙන් සෙල්ලම් දැමු තරුණයන් 12 ක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 16 0 0

සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 කු යතුරුපැදි 18 ක් සමග අ


මහව පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
2024 සැප්තැම්බර් මස 16 313 0

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවන වූ සීග්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්වීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු ගමනාගමන කටයුතු ඇනහි


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 16 31 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 1549 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 424 1

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 2215 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 57 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2114 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 980 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site