
(ඩයනා උදයංගනී)
චීන සමාගමක් මගින් උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.
තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් 'සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි' නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ.
උතුරු පළාතේ ඩෙල්ෆ් , අනලතිව් සහ නයිනතිව් දුපත්වල මෙම විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට චීන සමාගම සුදානමින් සිටි අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබිණි.
ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු චීන සමාගම මාලදිවයිනේ දූපත් 12 ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර තිඇතැයි ද එහි දැක්වේ
COMMENTS
ලොකු දෙයක්... දකුණ වනසලා තියෙන්නේ... යාන්තම් උතුරු පළාත බේරුණා...
මට තේරෙන් නෑ... මේකට අඬන්නද, හිනාවෙන්නද කියලා. අපිට ආදරේට එන ව්‍යාපෘති නොවුණත් අපේ රටට ඒවා ඕනේ ගොඩඑන්න නම්... අපේ රට චීනය සහ ඉන්දියාව නැමැති ගිරයේ අඬු දෙක මැද්දට අහුවුණු පුවක් ගෙඩිය වෙලා...
චීනය රාජපක්ෂලාට හොඳට සලකනවා වගේ...! අසුචි නැව බාරගත්තා නම් ඔය මොනවත් ප්‍රශ්න නැහැ.
අද දවසේ අහන්නට ලැබුණු සුබවාදී ආරංචියක්. මේ ව්‍යාපෘති වලින් මුදල් ' සොච්චමක් ' අපේ රටට ලැබේවි. බොහෝවිට රැකියා අවස්ථා පමණක්ම වෙන්නත් පුළුවනි. නමුත් මේ සියල්ලටම වඩා ' භූ දේශපාලනික ' ප්‍රශ්නයන් ඇතිවීමෙන් අප රට තවතවත් පීඩනයකට පත්වෙන්නට තිබුණු අවස්තාව මින් මගහැරී ගියා. මුදල් අවශ්‍ය බවට කිසිම තර්කයක් නැහැ. නමුත් අපේ "නිදහස" ඊට වඩා ගොඩක් වටිනවා. මම ප්‍රාර්ථනා කරනවා චීනාත් ඇමෙරිකන් කාරයාත්, ඉන්දියන් කාරයාත් මේ රට අතහැරලා යනවා නම්... අඩුම වශයෙන් නිදහසේ හුස්ම ටිකක් ගන්න පුළුවන්... මින් අදහස් කරන්නේ නැහැ විදේශීය ආයෝජන එපා කියලා ... එ්ත් " අතේ දුරින් "..!!! අවුරුදු 100ක් ඉස්සරහට කල්පනා කරලා...!!! අපේ උපදින්න ඉන්න චූටි උන් ගැන සියවරක් කල්පනා කරලා...!!!
කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇමැතියාට ලැබෙන කොමිස් මුදල ගැන එකඟතාවයකට එළඹෙන්න බැරිවෙන්න ඇති... චීනාගේ ඇති සමාජවාදයක් නැහැ... ඇමැතියාගේ ඇති දේශප්‍රේමයක් නැහැ. මේ දෙගොල්ලෝම ඕනෑම ජරා වැඩක් කරන්න සූදානම්...!!!
අඩුගාණේ උතුරේ ඉන්න දෙමළ සහෝදර ජනතාවට පුළුවන් වුණා චීනෙට විරුද්ධව නැගිටින්න. සිංහල ජනතාව මේකට ලැජ්ජා විය යුතුයි. දොහොත් මුදුන් දීලා චීනයට වැඳගෙන ඉන්න එකට...
චීනාව මේ රටින් පන්නලා දැමිය යුතුයි...
අම්මෝ යන්න... ඔයාලා ඔක්කෝම හකුලාගෙන... විදුලිය නැත්නම් කරුවලේ ඉන්න එක සැපයි...