(තිළිණි ද සිල්වා)
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 16ක් ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියි සිටී.
මේ සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.
එමගින් චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ චීනයෙන් ශ්‍රී ලංකාවට හිමිවන ප්‍රදානයක් ලෙස එම එන්නත් මාත්‍රා ලබාදෙන බවය.
ඒ හරහා ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන තවත් වේගවත් කළ හැකි බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම චීනයට අසීරු තත්ත්වයක සිටි සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා ලබා දුන් සියලුම සහයෝගයන් චීනයට හැමදාමත් අමතක නොවන බවද චීන තානාපති කාර්යාලය නිකුත් කළ එම ට්විටර් නිවේදකයේ සදහන් වේ.

COMMENTS
ඉන්දියන් ගැත්තන්ගේ කටේ පිට්ටුද දැන්?
නිකන් දෙන්න ඕනෙනේ අපිට 15$ ගානේ විකුණලා බංගලිදේශයට 10$ දෙනවා කියලා තිබ්බේ.. ඉතින් අපෙන් වැඩිය ගත්තු සල්ලිවලට හරි නම් අපිට දෙන්න ඕනේ තව...
අර ජපන්නු දෙනවා කිව්වේ වෙන එන්නත් ලක්ෂ 16ක්ද? දැන් එන්නත් වැඩිවෙනවා.. කාට එන්නත් විද්දත් වැඩක් නැහැ.. අයාලේ යන බල්ලන්ට, බළල්ලුන්ට හැදිලද බලන්න වෙනවා. සිංහලයින්ට හැදුණානම් ඒ අයට නොහැදී ඉන්න විදිහක් නෑ. රෝග ලක්ෂණ නොපෙන්නුවොත් ලෙඩේ හැගිලාවත් තියෙන්න ඔහොම ටික දවසකින් සත්තුන්ගේ ඇඟේ තියෙද්දී ප්‍රභේදය ප්‍රභේදය වෙනස් වුණොත් ඉවරයි.