IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


“චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා’’

(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාට බලපෑම් එල්ල කළ බවට කරන චෝදනාව ඉතාමත් වගකීමෙන් යුතුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාවෙන් රට තුළ වැරදි මතයක් නිර්මාණ වී තිබීම නිසා ඒ මහතාට ඕනෑම මාධ්‍ය ආයතනයක විවෘත සාකච්ඡාවකට ආරාධනා කරන බවත් සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.

තුෂාන් ගුණවර්ධන මහතාට තමන් කිසිඳු ආකාරකින්වත් බලපෑමක් නොකළ බවත් ඔහු ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණ අසත්‍ය යැයි ඉතාමත්ම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරයි.

ගිවිසුම් කීපයක් අස්සන් කිරීමේදී බලපෑම් එල්ල වූ බවට ඒ මහතා මාධ්‍යවලට පවසා තිබූ බවත් කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීමේදී අදාල සමාගම් සමඟ පාරිභෝගිකයන් ආරක්‍ෂාකරගැනීම සඳහා එළඹි කරුණු පිළිබඳව එතුමාට විවෘත සාකච්ඡාවකට පැමිණිය හොත් කරුණු ඉදිරිපත් කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා කීය.

රාජ්‍ය නිලධාරියකුට ජනමාධ්‍යට කරුණු ඉදිරිපත්කිරීමට නොහැකිව තිබියදී ඒ මහතා පසුගිය මාස හයක් තිස්සේ ජනමාධ්‍යයට අදහස් දැක්වූ බවත් අමාත්‍යවරයා ලෙස මා කළේ යැයි කියන බලපෑම් මොනවාදැයි රටේ ජනතාව දැනගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය තුළ විධායක අධ්‍යක්‍ෂ යැයි තනතුරක් නොමැති මෙන්ම තුෂාන් මහතා දේශපාලන පත්වීමක කටයුතු කළ බව පැවසූ අමාත්‍යවරයා තමා රාජ්‍ය අමාත්‍ය ධූරය බාරගන්නා විට සිටි මෙම නිලධාරින් වෙනස්කිරීමකින් තොරව වැඩ කරගෙන ගියා බව ද සඳහන් කළේය.

තුෂාන් ගුණවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (21) පෙවරුවේ බාරගත් බව කී අමාත්‍යවරයා පැවසුවේ හිටපු කාලය සම්බන්ධයෙන් ස්තූතිය පළකර අසත්‍ය මත පළ කිරීම පිළිබඳව කණගාටුව පළකර ලිපියක් යොමු කරන බවත්ය.  



අදහස් (16)

“චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා’’

Nuwan Tuesday, 21 September 2021 03:51 PM

මාර වැඩේ කියන්නේ මේ වගේ වෙලාවට ඇමැතිලා නින්දෙන් ඇහැරිලා වගේ කතා කරන්නේ...

:       2       24

gaminiTuesday, 21 September 2021 04:32 PM

මේ බොරුකාර දේශපාලකයන් සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පන්නමු.

:       1       3

Raveendra Wednesday, 22 September 2021 06:05 AM

"මේකාගේ පෙරේත මුහුනෙන්ම" හොදින් පැහැදිලි වෙනවා අවංක සත්ගුණවත් පින්වතෙක් කියල....

:       0       0

රටහදමු ඩොට් කොම් Tuesday, 21 September 2021 03:59 PM

ඇමති තුමා කියන ආකාරයේ මාධ්‍යයට විවෘත සාකච්ඡාවක් තුළින් වැරදි කවුරුන් ද යන්න තීරණය කළ නොහැක. අවශ්‍ය වන්නේ විනිවිද පෙනෙන අපක්ෂපාතී විමර්ෂණයක් කර වැරදි කවුරුන් දැයි සොයාගෙන වැරදි කරුවන්ට සුදුසු දඩුවම් දීමයි.

:       9       19

විපරමා Tuesday, 21 September 2021 04:08 PM

අපි නොදන්න දේශපාලුවෝ . ජොනී සතොස කාපු හැටිත් අපි දන්නවා.කතාව නම් සුද්වන්තයෝ වගේ.

:       1       25

bandula G Tuesday, 21 September 2021 04:13 PM

බූරුවා

:       0       15

palitha Tuesday, 21 September 2021 05:13 PM

මේ මහත්තයා මේවා කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවෙයිනේ. ඉතින් ඇමැතිලාට පුළුවන්නේ චරිතය ඝාතනය කළා කියලා නඩුවක් දමන්න. එහෙම වුණොත් පුළුවන් හොරු අල්ලන්න.

:       0       1

Raveendra Tuesday, 21 September 2021 05:18 PM

සියලුම පක්ෂවල ඉන්නා දේශපාලුවන් යනු තමන් උපන් රට කාබාසිනියා කරන මහා කාලකන්නි ජාතියකි. සියලුම දේශපාලුවන් යනු හොරකම්, මැරකම්, බලුවැඩ, තක්කඩි වැඩවලට මහාචාර්ය උපාධි ලබා ඇති පිරිසකි. මේ අය මැරෙන්නේ අපාදුක් විඳලයි.. දැන් සුද්දවන්තයා ලෙස උඩුබුරන විපක්ෂේ බූරුවන් මෙන්ම දැන් පට්ටියේ බලයේ ඉන්න බූරුවන්ටද මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා..!!! 

:       1       3

fairoos Tuesday, 21 September 2021 05:35 PM

මේ ආණ්ඩුවේ කරේම ජනතාව නොමග යැවීම විතරයි.

:       2       2

BamunuarachchiThursday, 23 September 2021 10:50 AM

මේ ආණ්ඩුව ආවේ නැතිනම් අපි තාමත් ගම්මිරිස් ප්‍රති අපනයනය කරනවා නේද?

:       1       1

Lelwala Tuesday, 21 September 2021 07:18 PM

යහපාලනයේ රජය කාලෙත් ඇමතිකම් අරගෙන ඔය ටික තමයි කළේ...

:       0       1

Sk Tuesday, 21 September 2021 07:26 PM

මෙයා ගැන ගොඩක් අය දන්නවා.

:       0       1

නන්දලතා කෝස්හින්න Tuesday, 21 September 2021 07:49 PM

මම ගියේ නිට්ටඹුවේ සංඝබෝධියේ. ඇත්ත තමයි අපේ විදුහලේ ආදී ශිෂ්‍යයෙක් කියලා කියන්න ලැජ්ජයි.

:       0       2

Lalith M Tuesday, 21 September 2021 08:26 PM

අන්න මේ ඇමති නම් ඉස්කෝලෙට ගිය කෙනෙක්

:       0       0

Shuhan Wednesday, 22 September 2021 04:24 AM

අපට තවදුරටත් මේ දේශපාලනඥයන් විශ්වාස කළ නොහැක. ගුණවර්ධන මහතා කියන දේ පිළිගත යුතුයි.

:       0       0

Bamunuarachchi Wednesday, 22 September 2021 08:09 AM

තුෂාන් ගුණවර්ධන මහතා ඔන්න බෝලේ ඔබේ කෝට් එකේ ඔහුගේ අභියෝගය බාරගෙන කරුණු ඉදිරිපත් කරන්න

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28522 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11012 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 682 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site