(අජන්ත කුමාර අගලකඩ)
මේ දිනවල පවතින ගෑස් හිඟය අද (05) පැවැති කැබිනට් රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
ගෑස් නැව් කිහිපයක් පැමිණෙමින් තිබෙන බැවින් ඉදිරි දින කිහිපයේදී එම තත්ත්වය මගහැරී යනු ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
සෞදි ආරාබියේ ගෑස් ටැංකිවලට එල්ල වූ ඩ්රෝව ප්‍රහාරයෙන් පසුව ගෑස් ප්‍රවාහනය එරට රජය විසින් සීමා කිරීම මෙම තත්ත්වයට හේතුව වී ඇති බවද ඇමැතිවරයා සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක්
පට්ටම බොරු. ගෑස් එන්නේ කටාර්, දෝහා වලින්.
විෂය භාර ඇමතිලා තමන්ට දීල තියන විෂය ගැන දැනගන්නේ මේවගේ අර්බුදයක් අවහම විතරයි , නැත්නම් වෙන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ , නිකන් අමාත්‍යංශ තියාගෙන කොටි ගණන් ජනතාවගේ බදු මුදල් නාස්ති කර කරන ඉන්නවා
මේ ගෑස් හිගය මාසෙකට වැඩි.
වතුර රත් වේගෙන එනවද කොහෙද දියවන්නාවේ කකුලුවන්ටත්..? බොහොම හොඳයි.. දවස් 12ක් දුම්රිය වර්ජනය කළා.. ඔවුන්ට සත පහකට අමාරුවක් හැදුනේ නැහැ.. මෙහෙම ගියොත් ඔවුන් කන්න බොන්න වෙන්නේ තණකොළ කියලා දැනෙන එකත් සෑහෙන්න වැදගත්.. අපේ පැත්තේ සමහර කෑම විකුණන පොඩි තැන්වහලා දැනටමත්.. පොඩි ඒවායින් පටන් අරගෙන මහා පරිමාණ හෝටල් දක්වා මේක ඔඩු දුවනකල් මේ කාලකන්නි ටික බලාගෙන ඉඳියි. ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවන්න වෙන්න ඇති....