(අජන්ත කුමාර අගලකඩ)

ලීටර් 18  නව ගෑස් සිලින්ඩරයක්  හඳුන්වාදීමෙන් ,ගෑස් සමාගම්  පාරිභෝගිකයා නොමග යැවීමක්  කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

මේ අතර කිලෝ ග්‍රෑම් 12.5  ගෘහස්ථ එල්පී ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාට මිලදී ගැනීමට වෙළඳ පොළේ නැති බවද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳ පොළේ අලෙවි කරන මිලට වඩා රුපියල් සීයක් අඩු වෙන් නව ගෑස් සිලින්ඩරයක් වෙළඳපොලේ අලෙවි  කිරීමෙන් පාරිභෝගිකයාට අසාධාරණයක් වන බැවින් ,එහි  මිල රුපියල් එක්දහස් එකසිය පනහක් ලෙස නියම කරන්නැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත .

වෙළඳ පොළට අලුතින් හදුන්වා දෙනු ලැබූ ලීටර 18 ගෘහස්ථ ගෑස් ගෑස් සිලින්ඩරයක ඇත්තේ  ගෑස් කිලෝ 9.5 ක් බැවින් ,එහි බර කිලෝ ග්‍රෑම්වලින් සඳහන් කරන්නැයි ද ඇමතිවරයා යෝජනා කර ඇත.

ඇමතිවරයා මිට අදාළ කැබිනට් සංදේශයක් ද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති අතර, එය සාකච්ඡාවට ගැනීම සතියකින් පමණ කල් ගොස් ඇතැයි වාර්තා වේ .