IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


ගෑස් නැතිව හෝටල්,ආපනශාලා,බේකරි 12,000ක් වැහිලා

(සුජිත් හේවාජුලිගේ )

රට පුරා ප්‍රධාන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ  බේකරි 12,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන වශයෙන් ගෑස් හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි  සමස්ත ලංකා  ආපනශාලා හිමියන්ගේ සංගමයේ  සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය.

රාජ්‍ය ආයතනවල, පාසල්වල හා විශ්ව විද්‍යාලවල  ගෑස් හිඟය නිසා වැසි ගොස් ඇති  ආපන ශාලා සංඛ්‍යාව හාර දහසක් පමණ වන බවද  හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පවත්වාගෙන ගිය වඩේ , කඩල   සහ  සමෝසා වෙළෙඳසල්  5000ත් 6000ත් අතර සංඛ්‍යාවක්ද  ගෑස් හිඟය සහ  අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම ඇතුළු හේතු නිසා  වැසී ගොස් ඇතැයි පවසන සභාපතිවරයා  ගෑස් හිඟයට අමතරව  පාන් පිටි, එළවළු, කිරිපිටි, කුළුබඩුවල මිල ඉහළ යෑම නිසාද බොහෝ  හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක්  උදාවී ඇතැයි පැවසුවේය.

රටපුරා බේකරි  හත් දහසක් පමණ පවතින අතර  ඉන් තුන්දහස් පන්සියයක් පමණ ගෑස් සහ  අමුද්‍රව්‍ය හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව  වැසි ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සහන නොලැබුණහොත් සෙසු බේකරිද  ඉදිරියේදී වැසී යා හැකි බව එම සංගමය අනතුරු හඟවයි.

සාමාන්‍යයෙන් ප්‍රධාන නගරයක හෝටලයක තේ පිළියෙල  කිරීම සඳහා  දිනකට කිරි පිටි කිලෝ පහක් පමණ පාවිච්චි කෙරෙන අතර කිරිපිටි හිඟය කිරි තේ සැපයුම සම්පූර්ණයෙන්ම පාහේ නතරවීම නිසා  එම ආදායමද  සම්පූර්ණයෙන්ම  ඇනහිට  ඇතැයි  ඒවායේ  හිමිකරුවෝ පවසති.

ප්‍රධාන නගරවල හෝටල් බොහොමයක් පවත්වාගෙන යන්නේ කුලී පදනම මත හෙයින්   පවතින ආර්ථික  තත්වය යටතේ ආදායම   අඩුවීම නිසා එම කුලී මුදල් ගෙවා ගැනීමට පවා නොහැකිවීමෙන් ඒ හෝටල් මෙසේ  වැසී ගොස් ඇති බව  අප කළ  සොයා බැලීමකදී තොරතුරු  අනාවරණය විය.

මේ අතර බේකරි නිෂ්පාදන සඳහා පනවා තිබූ පාලන මිලෙන්ද  ඉවත්වූ බව බේකරි හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය දුර්වල වීම නිසාද බොහෝ හෝටල් ආපනශාලා සහ බේකරිවල ආදායම පහළ ගොස්  ඇති අතර ඉන්ධන මිල ඉහළ යෑමද හෝටල් සහ ආපනශාලාවල ආදායම කෙරෙහි ඉතා නරක ආකාරයෙන් බලපා ඇතැයි  ආරංචි මාර්ගවලින් පැවසේ.

පවතින තත්වය හේතුවෙන් හෝටල් , ආපනශාලා සහ  ආහාර ද්‍රව්‍යවල මිලද සැලකිය යුතු ප්‍රමාණයෙන්  ඉහළ ගොස් ඇත. සාමාන්‍යයෙන්  එළවළු අඩංගු බත්  පැකට්ටුවක් රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි දැනගන්නට  ඇත.

මේ අතර පාසල් වල ආපනශාලා දැඩි සෞඛ්‍ය නීති යටතේ පවත්වාගෙන යෑමට සිදුවීම නිසා ඒවායේ ආදායම බෙහෙවින් අඩුවී ඇතැයි ඒ ආපන ශාලා  හිමිකරුවෝ පවසති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (9)

ගෑස් නැතිව හෝටල්,ආපනශාලා,බේකරි 12,000ක් වැහිලා

fairoos Wednesday, 22 December 2021 03:34 PM

රට බංකොලොත් කරලයි මෙතුමා යන්නේ.

:       1       27

අසංගThursday, 23 December 2021 08:46 AM

ඊට කලින් ගහල පන්නනව රටේ ජනතාව.

:       0       6

මහසෙන් Wednesday, 22 December 2021 04:12 PM

මේ එක ක්ෂේත්‍රය ක් පමණයි..මේ අයුරින්ම තවත් ව්‍යාපාර කීයක් නම් වැහිල ද? කාටවත් අත නොපා ස්වෝත්සහයෙන් නැගිටිලා උන්න කී දෙනෙක් අද අසරණයි ද? දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි.

:       0       0

ගමේ එකාලා Wednesday, 22 December 2021 06:26 PM

ආසියාවේ ආශ්චර්යය සහ සෞභාග්‍යයේ දැක්ම...? බලලෝභී බඩගෝස්තරවාදී දූශිත දේශපාලුවන් ජනතාව රවට්ටපු හැටි...

:       0       3

Rohana Wednesday, 22 December 2021 06:30 PM

ආසියාවේ ආශ්චර්ය සහ සෞභාග්‍යයේ දැක්ම?

:       0       2

Demuni Uduwara Wednesday, 22 December 2021 07:07 PM

ස්තුතියි ගෝඨාභය මැතිතුමනි, මරණය තවතවත් ළංවෙනවා...

:       0       4

Sriland Thursday, 23 December 2021 04:00 AM

හැමදේටම ඩොලර් නෑ කියලා ජනතාව කබලෙන් ලිපට දැම්මත් කොහොමද වක්සින් ගේන්නේ ඩොලර් නථ්වුඅ ?ඒවාට දොඅල්ර් ප්‍රශ්නයක් නා?හැමදේම චන්දය දුන්න ජනතාවට

:       1       4

Rasika Thursday, 23 December 2021 05:36 AM

ඔය 12,000න් 8,000ක් විරුවට චන්දෙ දෙන්න ඇතිනේ, ඉතුරු 4,000ගැන තමයි මට දුක.

:       0       4

Rohana Thursday, 23 December 2021 06:13 PM

මැතිවරණයට පෙර දේශපාලකයන් අරක දෙන්නම් මේක දෙන්නම් කියල දෙන බොරු පොරොන්දු කිසිම දවසක විශ්වාස කරන්න එපා. පොහොට්ටුවට පැනල ඡන්දෙ දීපු එකෙන් දැන්නම් හොදටම අමාරුවෙ වැටිල ඉන්නවෙලා.අපිටම කරුමෙ ගෙවන්න සිදුවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අගමැනී හරිනි ක්ලීන් වැඩසටහනේ
2025 පෙබරවාරි මස 09 12 0

’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවස


වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ නව සභාපති බෙල්ලන
2025 පෙබරවාරි මස 09 8 0

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2026 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සත


යුද හමුදාපතිට පාසලෙන් උපහාර
2025 පෙබරවාරි මස 09 20 0

කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලය අධ්‍යාපනයට වඩා තමන්ගේ ජීවිතයට වටිනාකමක්, ශක්තියක් සහ අරමුණක් ලබාදී ජීවිතය ගැන කියාදුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරා


ඉන්දු ලංකා තරුණ-ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරු හමුවෙති
2025 පෙබරවාරි මස 09 12 0

ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරුන් අතර හමුවක් ඉ


කොළඹ ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක්
2025 පෙබරවාරි මස 09 67 0

මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි.


ප්‍රදේශ රැසකට යළි විදුලිය ඇන හිටලා
2025 පෙබරවාරි මස 09 127 0

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 54 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 113 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 862 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site