IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගාස්තු රහිත වීසා පහසුකම් ජනවාරිය දක්වා දීර්ඝ කරයි

(ජයන්ත සමරකෝන්)
 
රටවල් 48ක් සඳහා ලබා දී ඇති නොමිලයේ වීසා පහසුකම් වැඩසටහන ලබන ජනවාරි මාසය දක්වා ක්‍රියාත්මක බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
 
මාසයක කාලයක් සඳහා ලබාදී ඇති මෙම ගාස්තු රහිත වීසා පහසුකම් ඉකුත් 1 දා සිට ක්‍රියාත්මක වේ.
 
සංචාරකයන් මාසයක කාලයකින් පසු නැවත සිය රටට යා යුතු වන අතර, තවදුරටත් මෙරට රැඳී සිටින්නේ නම් මුදල් ගෙවා වීසා ලබාගත යුතු බවද, ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසීය.
 
මෙම ගාස්තු රහිත වීසා පහසුකම් ලබාදීම සිදුවන්නේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ යටතේය.
 



අදහස් (2)

ගාස්තු රහිත වීසා පහසුකම් ජනවාරිය දක්වා දීර්ඝ කරයි

Mangala Thursday, 29 August 2019 04:55 PM

අයියෝ අයියෝ තාම මේ මිනිස්සුන්ට මොලේ පැදෙන්නේ නැති හැටි. පිටරටකින් ලංකාවට එන මිනිහට ඩොලර් 35ක් ගෙවලා වීසා එකක් ගන්න එක මහ විශාල දෙයක් නෙවෙයි. E Visa සිස්ටම් එක හොදටම හොදයි. කරන්න තිබුනේ දවස් 30ක් දෙන පලමු visa එක පවා online දීලා දවස් 30කට වඩා ඉන්න අයටත් දවස් 30, 60 සහ 90 වශයෙන් දීර්ඝ කරන එකත් online වලින්ම ගන්න පහසුකම් දෙන එකයි. එම දවස් ප්‍රමාණය අනුව ගාස්තු නියම කිරීම සහ ආරක්ෂක අංශ වල නිර්දේශ online ලබාගන්න ක්‍රමවෙදයක් සැදීම. එතකොට විදේශිකයන් ආගමන විගමනේ රස්තියාදු වෙන්නේ නැහැ. සංචාරකයෙකුට එක දවසක්වත් ආගමන විගමනේ රස්තියාදුවෙන්නේ නැතුව තමන්ගේ සංචාරය කරන්න පහසුකම් සලසන්න. එච්චරයි වෙන්න ඕනෙ. ටිකට් එකක් ඩොලර් 500 ට 600ට අරන් එන කෙනෙකුට ඩොලර් 100ක් දවස් 90කට ගෙවන එක මහ දෙයක් නෙවෙයි. මේකට දෙන්න ඕන option එකක් දවස් 30ට, 60ට සහ 90ට කියලා ගාස්තු ක්‍රමයක් සහ දින 90න් පසු ආගමන විගමනේට යන විදියට.

:       0       0

VICTOR Thursday, 29 August 2019 06:37 PM

මේ ක්‍රමය දිගටම ක්‍රියාත්මක කළහොත් රටේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු වේවි .පහුගිය රජයෙන් කල එක මෝඩ වැඩක් මෙය .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 79 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site