
ශ්‍රි ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් ඇති රටක ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපායට ගව සම්පතෙන් විශාල දායකත්වයක් ලබා දෙන බවත්, ගව ඝාතන ඉහළ යාමෙන් සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සඳහා ද එය බලපෑමක් වන බවත් යොජනාවලියේ දක්වා ඇති අතර , ආනයනික කිරිපිටි සඳහා විදේශයට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අවම කර ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වැඩි කිරීම,දේශිය කිරි කර්මාන්තය නගා සිටුවීමද මෙහි අරමුණකි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ගව ඝාතනය සම්බන්ධව රටතුළ දැනට ක්‍රියාත්මක වන 1958 අංක 29 දරණ සත්ත්ව පනත, 1893 අංක 9 දරණ ගෝ ඝාතක ආඥා පනත අදාල අනුශාංගික වෙනත් නිතී හා පළාත් පාලන අයතන විසින් සම්මතකර ඇති නිති රීතී සංශෝධනය කිරීමට හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගැනීම, ගවමස් පාරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මස් මාංශ ආනයනය කිරීම හා සහන මිලකට ලබාදීමට හැකි කඩිනමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම, කෘෂි කාර්මික කටයුතු සඳහා යොදාගත නොහැකි වයස්ගත මට්ටමේ සිටින ගවයින් සම්බන්ධයෙන් සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යන කරුණු වලට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් කර තිබේ.

COMMENTS
අවිවාදයෙන් මේ තීරණය හරිම වැදගත්.
එක එක බාර වල ප්‍රතිඵල. අර මිනිස්සු අලි ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නවා....
GR සහ MR අතර තරගය නිසා තමයි ලංකාව පිරිහෙන්නේ. කෙනෙක් හරක් මරන්න එපා කියා කැබිනට් තීරණ ගන්නවා. අනෙක් කෙනා කටින් පිටවන සියලු දේ චක්‍රලේඛ කියා රජයේ සේවකයින්ට තර්ජනය කරනවා. කවුද හරි.
කුකුලන්ට හොඳ වැඩේ...
එතකොට, ගවමස් පරිභෝජනය කරන අයට ආනයනය කර සහන මිලකට ලබා දීමේදී පිටරටට ඇදී යන්නේ රටේ මුදල් නොවේද?
අමන තීන්දුවක්.. අනිවාර්යෙන්ම ඔය තීරණය ආණ්ඩුවට හාකුලාගන්න වෙනවා.....
"සහන මිලට" අපි කනවා. නොකන අයත් ගෙවනවා. සාධාරණය? මෝඩ කමේ කෙලවරක් නැති, ලෝකයම හිනස්සවන අනුවණ දේ.
ඉතාමත් යහපත් ක්‍රියාවක්...
තමන්ට ඡන්දය දුන්, තමන්ව අදහන, තමන් කරන කියන සෑම දෙයක්ම එකසිතින් විශ්වාස කරන ජනතාවගේ ලේ නෑයන් රැකබලා ගැනීම රජතුමාගේ වගකීමකි.
අද සම්මත කරන යෝජනාවක්, හෙට කල් දැමීම හෝ ඉල්ලා අස්කරගන්න රජයකින් අපට මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන්.?
ගෙදර කුකුලා මරාගෙන කෑවත්, කඩෙන් ගෙනත් කෑවත් එකම පව.. හරකත් ඒ වගේම තමයි. ඇයි පිටරටවල ඉන්න එය මැරුවාම පව් නැතිද?
මේ තීරණයෙන් බයියන්ට මානසික ත්‍රිල් එකක් ලැබෙන අතර ව්‍යාපාරිකයන් 10 දෙනෙක් සහ දේශපාලුවෝ මිලියන ගණනින් හම්බකර ගනී. කෙලවෙන්නේ ගමේ ඉන්න සුළු ව්‍යාපාරිකයන්ටයි...
අන්තිමේට වෙන්නේ හොර හරක් මුදලාලිලා පොහොසත් වෙන එක විතරයි.
මේ ආණ්ඩුව නරක නැහැ. ගවයන්ට පවා හොඳට සලකනවා.
දැන් එතකොට රටින් හරක් මස් ගෙන්නන්නේ කොස් ඇට දීලද දන්නේ නැහැ නේද?
මහ මෝඩ තීරණයක්. සාමාන්‍යයෙන් පිරිමි සතුන්ව තමයි ලංකාවේ ගවමස් සඳහා ඝාතනය කරන්නේ.අනෙත් එක මේකෙන් කිරි කර්මාන්තයට කිසිම විපතක් සිදුවෙන්නේ නැහැ. ඊට හපන් ගවමස් ආනයනය කරන කොට කාගේ සල්ලිද දන්නේ නැහැ පිටරට යන්නේ? දේශපාලකයෙකුගේ පුතෙක් තමයිලු ගවමස් ආනයන කන්ට්‍රැක්ට් එක ගහලා තියෙන්නේ. බොරු වැඩ මේවා. රට විනාශ වෙනවා.
අන්න එහෙමයි තීරණ ගන්න ඕනේ. නියමයි..!!!
වර්තමාන ලෝකයේ සියලු මස් මාංශයෙන් තොරව ජීවත්වීමේ මාර්ගය හොඳ බව මිනිසා ක්‍රමයෙන් අවබෝධ කරගනිමින් පසුවෙනවා. සත්ව ඝාතනයට එරෙහිව ඇතැම් රටවල උද්ඝෝෂණ පවා ඇතිවෙනවා. මේ අතින් බලනවිට බෞද්ධ වුණත් අප ඉන්නේ ඉතාමත් වනචාරි මානසික මට්ටමක බව පෙනෙනවා. කොයි සතාගේ ජීවිතයත් ඒ සතාට වටිනවා. මේක තේරුම් ගන්න බැරි ගවයන් ගව ඝාතනය කරන එක නවත්වනකොට උරණ වෙනවා. මොකද ගවමස් කෑල්ලක තිබෙන රසට වහ වැටුණු පෙරේත ගතිය ඉස්මතු වෙනවා. ඒක ඉතින් වනචාරී පුරුද්ද තමයි. ඒ වුණාට ඒක කෙලින්ම නොකියා වෙනත් පැත්තකින් තමයි එළියට එන්නේ. අනිත් අතින් බලනාවිට ගවයා පුරාණයේ සිටම අපට උපකාර වී තිබෙනවා. ගොවිතැනට මෙන්ම වාහන නොමැති කාලයේ කරත්ත වලින් බඩු බාහිරාදිය ගෙනයෑමට උරදී තිබෙනවා. අපට කිරි ටික දෙනවා. කිරි දෙන සතා මරාගෙන කෑම මහා තිරිසන් වැඩක්... මේ සතාව බැඳලා බිම දමා මස් වැද්දා බෙල්ල කපනකොට කඳුළු දෙනෙතින් ගලනවා. මේවා ගැන හිත් පිත් නැති, සංවේදී නැති වලිගය නැති මිනිස් වෙස්ගත් තිරිසනුන් දන්නේ නැහැ. ඔවුන්ට ඒ සතා විඳින වේදනාව දැනෙන්නේ නැහැ...
ඇත්තෙන්ම, තම පරපුර ආරක්ෂා කර ගැනීම ගව පරපුරේ විශාල වගකීමක්.. බහුතරයක් වූ මේ රටේ ගවයින්ව අපි ආරක්ෂා නොකර වෙන කවුරු ආරක්ෂා කරන්නද? එක අතකට, ඌරන් හා කුකුල්ලු ආහාරයට ගන්නා දේවල්වල හැටියට අපිට කන්න ගැලපෙන්නේ ඌරු මස්ම තමයි. අනික ඉතින් ලාබයිනේ.
බඩජහරියන්ට ගොඩක් රිදිලා වගේ.
මේ නිකන්ම ෂෝ එකක් විතරයි. ප්‍රායෝගික නැහැ...
පිටරට ගවයින් මරලා මස් ගෙනාවට අවුලක් නැහැ නේද? මොකද සියලුම වර්ගයේ මස් ආනයන කොන්තරාත්තුව තරුණ ඇමැති කෙනෙකුට බාරදීලා කියලයි කියන්නේ. බලන්නකෝ වියත් වැඩපිළිවෙලේ හැටි...?
ඒ කියන්නේ හරක් මරලා අධිකරණය දඬුවම් දුන්නොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න බැහැ කියන එක නෙවෙයිනේ..?
පිටරටින් එන මස් කන්න ටිකක් බයයි. මොන මස් එවයිද දන්නේ නැහැ...
මස් සහ මත්පැන්වලට ගිජු වුණු වැසියන් එන්න රටක ගත් අභීත තීරණයක්.
අපේ බදු මුදලින් සහන මිලකට ලබාදීමට තීරණය කිරීමෙන් මෙම තීරණයේ වටිනාකම අඩුවෙලා තියෙනවා. හරියට කිරි හැලියට ගොම බින්දුවක් වැටුණා වගේ. සහනාධාරවත් දෙන්න ඕනේ නැහැ...