(නිමල් ජයශාන්ත)

රසායනික පොහොර ඉල්ලා බකමූණ නගරයේ පැවැත්වෙන අඛණ්ඩව උපවාසයට සහාය දක්වමින් ගොවීන් තුන්දහසකගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර ඇත.

මෙම විරෝධතාවයට අනුරාධපුර, අම්පාර, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක රැසක ගොවියෝ එක්ව සිටිති.

ඇලහැර, මොරගහකන්ද ගොවිජන ව්‍යාපාරය ගොවි සංවිධාන හතළිස් එකක් එකතුව, ඉකුත් 24 වෙනිදා මෙම අඛණ්ඩ උපවාසය ආරම්භ කළ අතර එයට අදට දින නවයක් ගත වෙයි .

මෙම අවස්ථාවට වැඩම කළ බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර, කන්තලේ රාහුල නාහිමියන් ඇතුළු ප්‍රදේශයේ සංඝරත්නය ද වැඩම කළහ.