( +++ නිමන්ති රණසිංහ)
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ නිල නිවසේ හෝ ඔහුට අයත් වෙනත් කිසිදු නිවෙසක හෝ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (25) පැවසීය.
මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තුව අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායමක් ඊයේ (25) දවස තුළ හිටපු අමාත්‍යවරයා සිටින බවට විශ්වාස කරනු ලැබූ ස්ථාන කිහිපයකටම ගොස් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි කර ඇති බවත්, ඒ කිසිදු ස්ථානයක ඔහු නොසිටි බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට ලිඛිතව දැනුම්දී ඇති බවද ඔහු පැවසීය.
හිටපු අමාත්‍යවරයා පදිංචිව සිටින නො. 22/බී, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ස්ථානයටත් නො. 66, කන්දේවත්ත පාර, බේරුවල යන ස්ථානයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායම ගොස් ඇති බව ද වාර්තා වේ. හිටපු අමාත්‍යවරයා බේරුවල ප්‍රදේශයේ නිවසට අවසන් වරට පැමිණ ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ බවත්, එම නිවස ඔහු කුලී පදනම මත ලබාගෙන තිබූ එකක් බවත් සඳහන් වෙයි.
හිටපු අමාත්‍යාවරයා සිටින බවට ලද තොරතුරුවලට විශේෂ නිලධාරී කණ්ඩායම තවත් ස්ථාන කීපයක්ම සෝදිසියට ලක් කළත් ඒ කිසිදු ස්ථානයකදී සොයා ගැනීමට නොහැකිවී ඇතැයි වාර්තාවේ.
මෙම විශේෂ නිලධාරි කණ්ඩායම ඊයේ (25) පෙරවරුවේ සිට රාත්‍රිය වන තුරුම හිටපු අමාත්‍යවරයා සෙවීමේ මෙහෙයුමේ නිරත වී සිටි බව සඳහන් වෙයි.
හිටපු අමාත්‍යවරයා රැඳී සිටින බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව අධිකරණ වරෙන්තු ප්‍රකාරව වහාම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා විවෘත වරෙන්තුවක් නිකුත් කළේ පෙරේදාය.
මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ලිඛිත උපදෙස් ලැබුණු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත් ඇප පනතේ 21 වැනි වගන්තිය ප්‍රකාරව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇපයක් ඉල්ලා ඇති අවස්ථාවක, සැකකරු අත්අඩංගුවට ගත නොහැකි බැවින් ඇප පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113 (අ), 169 (උ), 190 වගන්ති ප්‍රකාරව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 80 (1) (ඇ) වගන්ති යටතට ගැනෙන වරදක් මෙම සැකකරු විසින් සිදුකර ඇති බැවින් ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබිණ.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළැයි කියන සැකකරුවන් දෙදෙනා හෙට (27) වනතුරු රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබුණේ ඉකුත් 16 වැනිදය. මෙලෙස රක්ෂිත බාරයේ පසුවන්නේ ඩබ්ලිව්.ජී. අතුල සංජීව මදනායක සහ එස්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර යන දෙදෙනාය.
ඉකුත් නොවැම්බර් මස 10 වැනි දින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තවත් පුද්ගලයින් දෙදෙනකු විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මිනිමැරීම, පැහැරගෙන යාම, වදහිංසා පැමිණවීම, සොරකම් කිරීම, තොරතුරු වසන් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් හෙළි කරන ලද සිද්ධියට අදාළව පරීක්ෂණයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක කුමුදු ප්‍රදීප් සංජීව නමැත්තා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහලොකු චණ්ඩියා හැංගෙනවා.. නීතිය ක්‍රියාත්මක කරන්න එනකොට. ගහන්න ඕනෑ මේ වගේ මිනිසුන්ව උඩදාගෙන හිටි අපතයින්ටයි.
බැරිද මෙයා වෙනුවට පුතාව ගන්න? එතකොට නිකන්ම රාජිත එයි හොයාගෙන. කොහොමද ටිකිරි මොලේ?
ඉතින් මෙතුමාගේ පුතාගෙන් හෝ බිරිඳගෙන් විමසීමක් කරලා නැද්ද කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා..? අනේ අප්පේ කොහේ ඉන්නවා ඇත්ද...? ගල් ගුහාවක් අස්සේ ලෙනක් අස්සේවත් ඉන්නවද දන්නේ නැහැනේ.. අනේ හරියකට කනවද බොනවද දන්නේ නැහැ නේද? හිනාවීමක් නෙමේ.. මේ තමා දිට්ඨධම්මවේද නියාය..
පුදුම බුද්ධි අංශයෙන් තියෙන්නේ.. කතාව සිංගප්පූරුවේ ඉන්න අයව අල්ලන් එන්න.. දවස් 2කට කලින් ලංකාවේ හිටිය ප්‍රසිද්ධ ඇමතිව හොයාගන්න බෑ.. නාට්ටිවල හොඳම එක මේ දවස්වල යන්නේ..
සුදු වෑන් එකකම නැගලා ගිහින් එයා කිව්ව කිඹුල්ලු ඉන්න තැනට ගියාද දන්නේ නෑ! එක්කෝ එළිසබත් ගියා වෙන්නත් පුළුවන්.. ට්‍රෝලර් එහෙමත් තියෙනවනේ...
මෙයට වග කියන්න ඕන කතානායක. ඔහුට චූදිතයාව අත්අඩංගුවට ගන්න අවශ්‍ය බව කියන්න ඕනෑ නිසා එමගින් හොරුන්ට හැංගෙන්න තියෙන අවස්ථාව වැඩියි. රාත්‍රී කාලයේත් ගන්න එපානම්.. කරුණාකරලා කතානායක චූදිතයාව හොයලා දීමේ වගකීම බාරගන්න.
අපිට වුණා නම් අපේ බිරිදව හරි, ළමයෙක් හරි උස්සන් ගිහින් රිමාන්ඩ් කරයි ඒ වෙනුවට...!!!
පොඩි පුතාගෙන් ඇහුවා නම් අනිවාර්යයෙන් කියනවා තාත්තා ඉන්න තැන. එයා අයියා වගේ බොරු කියන්නේ නෑ අම්මපා....
හාමුදුරුකෙනෙක් කියනවා දේශපාලන නෝනා කෙනෙකුගේ අැඳයට ඉඳලා අහුවෙලා කියලා.