(නිමල කොඩිතුවක්කු)
මේ දිනවල රට පුරා ගවයින්ට වැළදෙන වයිරසයක් පිළිබදව සොයා බැලීම සදහා ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විසින් අද(08) සත් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.සේනානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය රංජනී හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් වෛද්‍ය නිරෝෂන් ගමගේ සත්ව වසංගත රෝග පිළිබද වෛද්‍ය ප්‍රදීප් කුමාරසහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් අධ්‍යක්ෂකවරු ඇතුලත්ය.
මෙම රෝගයේ ව්‍යාප්තිය, එය පාලනය කිරීම සදහා ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම නැවත මෙම රෝගය වැළදීම නතර කිරීම සදහා පළාත්මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කල යුතු ආකාරය පිලිබදව වූ නිර්දේශ හා එම නිර්දේශ ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබද උපදෙස් ඇතුලත් වාර්තාවක් සතියක් ඇතුලත තමා වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙම කමිටුවට දැනුම් දී ඇත.
දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.
වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.
ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358 ක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.
මිදිගම ,ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක හිමිකරුවෙක් අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය
දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ගවයින් අතර අලුත්ම වයිරසයක්
Nuwan Friday, 08 January 2021 12:18 PM
හරක් මස් කන අය ඌරු මස් කන්න පටන් ගන්න දැන්... !!!
NaushadSaturday, 09 January 2021 09:20 AM
අසුචි කන ඌරන් කන අයත් ඒ වගේම තමයි.
Nadaraja shivamSunday, 10 January 2021 04:41 AM
බුදු හාමුදුරුවෝ කිසිම මසක් ගන්න කිව්වේ නැහැ. අපේ අය හින්දු දහම අරගෙන හරක් මස් විතරක් කන්නේ නැතිව අනෙක් ඕනෑම මසක් කනවා. අනේ මෙහෙමත් මිනිස්සු... හින්දු අය නම් හරක් මස් නොකා අනික් මස් කනවා. දැන් බලන් ගියාම බෞද්ධයින් අපේ ආගම බලෙන් අරගෙන වගේනෙ ඉන්නේ.. නරි නාටක!!!
Indhika Friday, 08 January 2021 01:10 PM
එහෙනම් පාර්ලිමේන්තුවේ අය පරිස්සම් වෙලා ඉන්න වෙයි.
RaveendraSaturday, 09 January 2021 01:12 AM
"සිරියෙන් පිරි දයා" ගොයියාටත් මේකද දන්නේ නැහැ හැදුනේ...?
විජිත් Saturday, 09 January 2021 11:43 AM
නැහැ ඉන්දික, මේ රෝගය ගවයන්ට මිසක් " මී හරක්ට " හැදෙන්නේ නැහැයිලු.
ASanka Friday, 08 January 2021 01:59 PM
හරක් මස් කන අයට වඩා වයිරසයක් කොහේද? දැක්කනේ පහුගිය කාලේ කෙළ ගහලා බෝ කරපු හැටි...
CHANDIMA Friday, 08 January 2021 04:46 PM
කිරි, බිත්තර ඇමැතිතුමනි, වැඩේ බ්‍රැන්ඩික්ස් පොකුරක් වෙන්න කළින් කරන දෙයක් කරන්න.
cHANDIMA Friday, 08 January 2021 06:16 PM
මේක මට නිකමට හිතුණා විජේසිරි ඇමැතිතුමාටත් කොරෝනා කියපුවාම..