
(ඉන්දිකා රාමනායක)
ගුවන් හමුදා විසින් නවීන තාක්ෂණය ඔස්සේ “ස්කයි පෙට්” සත්ව රෝහලක්, බොරැල්ල ගුවන්පුර කඳවුරු පරිග්‍රයේදි විවෘත කළේය.
ගුවන් හමුදා “ස්කයි පෙට්” සත්ව රෝහල, සුනඛයින් සහ බළලුන් සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් නවින තාක්ෂණයට අනුව ස්ථාපිත කර ඇති බවත්, මෙය ත්‍රිවිධ හමුදාව සතු එකම සත්ව රෝහල වන මෙය බවත් ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදා විශේෂ පුහුණුව ලබා ගුවන් හමුදා අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි වල මෙන්ම, ජාත්‍යන්තරගුවන්තොටුපලවල ආරක්ෂක රාජකාරි, මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම රාජකාරි සදහා සුවිශේෂී පුහුණුවක් ලබා ඇති ගුවන් සුනඛ ඒකකයේ සුනඛයින් ගේ සත්කාර කටයුතු සදහා මුලිකවම කටයුතු සිදුකරනු ලබන බවත් , ජනතාවගේ ගේ සුරතලුන් වෙනුවෙන් ඉතා සහනදායී මිල ගනන් යටතේ මෙම ස්ථානයේ සේවාව ලබාගැනිමට ද හැකි බවද ගුවන් හමුදාව සඳහන් කරයි.
අයෝමා රාජපක්ෂ මැතිණිය විසින් මෙම ස්කයි පෙට් රෝහල විවෘත කළේය.
මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මැතිණිය ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් සහභාගි වුහ.
ස්කයි පෙට් සත්ව රෝහලේ 0113-144447 සහ 0112-495800 යන අංක මහජනතාව සඳහා විවෘතව ඇත.



2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් හමුදාවට අතී නවීන තාක්ෂණ සත්ව රෝහලක්
Ras Thursday, 08 July 2021 07:44 PM
මේක නම් හොද වැඩක්... සතුන්ට හරියට ප්‍රතිකාර කරන්න දන්න අය ගොඩක් අඩුයි. දුන්නොත් මළා ජාතියේ දොස්තරලා තමයි ගොඩක් ඉන්නේ...