(ඉන්දිකා රාමනායක)
කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිටින රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මගීන් නිරෝධායන කටයුතු සඳහා හැඳල ලාදුරු රෝහලට රැගෙන ඒමේ තීරණයට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (5) හැඳල හේකිත්ත මාර්ගය අවහිර කරමින් රෝහල ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ.
අධික ජනාකීර්ණ ප්‍රදේශයක් වන බැවින් නිරෝධායන කටයුතු සඳහා මෙම ස්ථානය සුදුසු නොවන බවත්, ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරා ගන්නා ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
මෙම රෝහල අසළ පාසලක්, දේවස්ථානයක්, අක්ෂි රෝහලක්, කෝවිලක් පිහිටා ඇති බවත් නිරෝධායන මධ්‍යස්ථානයක් මෙහි ස්ථාපිත කිරීමෙන් ජන ජීවිතවලට ගැටළු ඇති වන බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දෙති.
උද්ඝෝෂණය පවත්වන ස්ථානයට පැමිණි පොලිසිය එහි ආරක්ෂාව තර කර තිබිණි.
ඉතාලිය, කොරියාව, ඉරානය, දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන සියලු දේශීය විදේශීය සංචාරයන් දින 14ක නිරෝධායන කාලයක් සඳහා එම ස්ථානයට යොමුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පේනවනෙ මේ රට දියුණු කරන්න බැරි ඇයි කියලා.
මෙතැන තමයි සුදුසුම ස්ථානය... මේ රෝහල හැදුවේ ජන ශුන්‍ය පෙදෙසක් නිසා... මේ අය දැනදැනම ගෙවල් හැදුවේ...
එක්කෙනෙක් බැහැලා මට කොරෝනා තියෙනවා... ඇයි බෝ කරගන්න ඕනෙද ඇහුවනම් බලන්න තිබුණා...
හුළගෙන් ඒඩ්ස් බෝවෙන බව විශ්වාස කරපු රටේ.
මෙයට හොඳම විකල්පය මඩකලපුව දුපතේ පිහිටන පැරණි රෝහලයි.
ඒඩ්ස් බෝ වෙනවා කියලා වර්ජන කරපු රටේ, ඉස්කෝල ළමයි කොන් කරපු රටේ මේවා මොනවද.
ලාදුරු රෝහල ළඟ හිටියා කියලා මතක නැතිව ගිහින්? කොහොමත් පණට බය නැති කෙනෙක් ලෝකේ නැහැනේ. සුව සේවා අධ්‍යක්ෂ කොච්චර සහතික වුනත් දොස්තරලා කියන දෙයක් මිනිසුන්ට විශ්වාස කරන්න බැරි තත්වෙට පත්වෙලා කියල දැන්වත් අර දොස්තර සංගමේ අයට තේරෙන්න ඕනේ.
JCN, පේනවනෙ මේ රට දියුණු කරන්න බැරි ඇයි කියලා? රට අවුරුදු 72 තිස්සේ විනාශ කලා මිසක් දියුණු වුන දෙයක් නැහැ.
ලාදුරු රෝහල, අංගොඩ උණ රෝහල වගේ ඒවා පටන් ගන්න කාලේ ඒ පැති ජන්ශූන්‍ය පැතිනේ. ඒ කාලවල ආණ්ඩු ඒවා කරේ දුර දිග හිතලා. දැන් ඒවා වටේ බලෙන් ඇවිත් ගෙවල් හදන් කෑමොර දෙනවා.
මෙරටේ අයට වැඩ නැහැ විරෝධතා පිකටින් කරනවට වැඩිය.
මේ විදිහට ගියොත් මෙම පිරිස තියන්න තැනක් නැතිවෙනවා ජනශූන්‍ය ප්‍රදේශ වල මෙවැනි තැනක් නැහැ මන් හිතන්නේ ජනතාව ඉල්ලනේ නැහැ පිරිස හොටෙල් වල සහ ගෙවල්වල තියන්න කියලා
අපේ සිංහල බෞද්ධ හැදියාව තමයි මේ
දුපත් වැසියන් වන අපි හඳුනා නොගත් විෂබීජයක් සමග කටයුතු කිරීමේදී බොහොම පරිස්සම් විය යුතුයි. නැතිනම් සමහරවිට ජාතියම වඳ විය හැකියි. රටවල් තුනක ලාංකිකයින් රැගෙන එන්නට ඉඩ තිබෙන්නේ එකම රෝගය වුනත් එම වයිරසය විවිධ ‘ස්ට්‍රෙන්ස්’ වලින් යුක්ත විය හැකියි. එවිට එකම බෙහෙතකට මෙය ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ සමගම මෙම විෂබීජ එකම වර්ගපලයකට සීමා වූ විට ‘මල්ටිපල් ස්ට්‍රෙන්’ වලින් යුක්ත ආධුනික වයිරසයන් ඇති විය හැකියි. එය අති භයානකය. අවදානමත් ඡන්ද ගුන්ඩුවක් කරගන්නා අපේ රටේ මෙවන් විපතකදී කවුද රෝගීන්ට පිහිටට ඉන්නේ? ඒ නිසා මෙම මගීන් කල්පිටිය හෝ කයිට්ස් හෝ වෙනත් ජනශුන්‍ය ස්ථානයක තබන්න.