(සුජිත් හේවාජුලිගේ සහ තිළිණි ද සිල්වා)
මෙරට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ලබන පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව මෙරටට පැමිණෙන දේශීය හෝ විදේශීය ගුවන් මගීන් එසේ ගුවන්ගත වන අවස්ථාවේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයකු බවට තහවුරුවී නැති නම් මෙරටදී යළිත් කොරෝනා පරීක්ෂණ පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට ඔවුනට අවස්ථාව සැලසෙනු ඇත.
එසේම පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදේශිකයන්ට හෝ විදේශ සංචාරකයන්ට කොරෝනා පරීක්ෂණයකින් පසු ජෛව බුබුලක් යටතේ සිය හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
තවද මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපොළේදි කොරෝනා පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසුව ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට පියවර ගැනෙන බවත් ඉන්පසු දොළොස් වැනි දිනයේදී නැවත වරක් කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාව ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරාගනු ලබන හෝටලයකදී දින දාහතරක් නිරෝධායනයවී සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ පවසයි .
මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අදාලව නව චක්‍රලේඛයක්ද ඉදිරියේදී නිකුත් කරනු ලැබීමට නියමිතය.
සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව විසින් ගනු ලැබූ ලැබු තීරණයක් අනුව මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය හඳුන්වා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමක් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කළේය.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය හා සංචාරක අමාත්‍යාංශයන්හි ඉහළ නිලධාරීහු සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු විවිධ සංවිධාන සංවිධානවල නියෝජිතයෝ පිරිසක්ද සහභාගී වූහ
COMMENTS
මෙතන අදහස් දෙකක් මුලින් කියනවා PCR අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ ආයෙ කියනවා PCR කරන්න ඕනෑ කියලා. දැන් එතකොට මොකක්ද ඇත්ත...?
ඔයත් එක්කම කියන්න කවද්ද ඕක රිවස් කරන්නෙත් කියලා.. මොකද අපි ප්ලේන් එකෙන් බහිනකොට තව එකක් වෙලා තියෙයි. අපි දන්නවනේ ගැසට් ගහන්න ගිහිල්ලා..
කරන්න පුලුවන්නම් හොඳ දෙයක් .ඒ උනාට මේ රජයේ තීරණ ක්‍රියාත්මක වෙන්නේ දවසයි දෙකයි .ඒකයි ප්‍රශ්නේ මොකද ඇත්තටම රට පාලනය කරන්නේ රජය නොවන නිසා
විදේශිකයන් අප රටට විදේශ විනිමය නැවත ලබා ගැනීම හැකියාව ලැබෙන එකට සතුටුයි.. නමුත්.. "පූර්ණ එන්නත්කරණයට ලක්ව මෙරටට පැමිණෙන දේශීය හෝ විදේශීය ගුවන් මගීන් එසේ ගුවන්ගත වන අවස්ථාවේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයකු බවට තහවුරු වී නැති නම් මෙරටදී යළිත් කොරෝනා පරීක්ෂණ පරීක්ෂණවලට භාජනය නොවී සමාජගත වීමේ හැකියාව ලැබෙන බවත් මෙහි සඳහන් වේ. මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළේදී කොරෝනා පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසුව ආසාධිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට පියවර ගැනෙන බවත්, (ඒකත් හොඳයි..) නමුත් ඇයි? ඉන්පසු දොළොස් වැනි දිනයේදී නැවත වරක් ශ්‍රී ලාංකිකයින්ට පමණක්.. පී.සී.ආර් පරීක්ෂණයක්? එයිනුත්, නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරාගනු ලබන හෝටලයකදී දින 14ක් නිරෝධායනය වී සිටීමට.. තම පුද්ගලික වියදම් දැරීමක් නේද වෙන්නේ? විදේශීය රටවල පදිංචි, ඒ පැමිණෙන ශ්‍රී ලාංකිකයිනුත් විදේශ විනිමය නේද රැගෙන එන්නේ..? මට තේරුණු විදිය මේ.. නිවැරැදි නම් කියන්න කරුණාකරලා දන්න කෙනෙක්...
වටෙන් ගිහින් ආයෙත් නහය මුලටම ඇවිත්. ඔය PCR දැන් මේ වෙදාලාගේ ගුරාලා ඉන්න රටවලත් කරන්නේ නැහැ. කාටද ඔය සල්ලි හම්බකරලා දෙන්නේ හැබෑටම...? මේ කතන්දර එකිනෙකට එකක් පරස්පරයි කියලා කාටවත්ම තේරෙන්නේ නැද්ද? කරුණාකරලා එන්නත් දෙකම ගහලා තියෙන අයව PCR නිදහස් කරන්න. එන්නත් ගහලා නැති විදේශිකයින් රටට ඇතුලුවීම තහනම් කරන්න. එන්නත් ගහලා නැති දේශීය අයට ගුවන්තොටුපලේදීම පලවෙනි එන්නත දෙන්න. ඔය PCR වලට යන කෝටිගණන් ජනතාවට සහන දෙන්න...
එන්නත් දෙකම ගත්තු අපි කැමැතියි... අපි කැමැතියි අපි ඉන්න රටේදීම PCR එකක් කරලා ලංකාවට ඇවිත් නිදහසේ ගෙදර යන්න. නමුත් ලංකාවට ආවට පස්සේ මොන පිස්සුවක් කරයිද කියලා බය නිසා ලංකාවට එන්න දෙපාරක් හිතන්න වෙනවා.
යමු.. යමු.. අපි ඔක්කොම ලංකාවට... හෝටල්වල නැවතිලා රෙස්ටුරන්ට් වලින් කාලා රටටත් සෙතක් වෙන ගමන් අපිත් විනෝද වෙමු. මෙන්න ඒකට කාලය ඇවිල්ලා.!
කොරොනා වැක්සීන් එක ගහන්න බැරි අවුරුදු 12ට අඩු ළමයි ලංකාවට එද්දී මොකක්ද ක්‍රමවේදය? දෙමව්පියන් සම්පූර්නයෙන් එන්නත් කරණය කරගෙන ඉන්නේ...
මේ විස්තර එක්ක ගැලීම් සටහනක් වගේ දෙයක් තියනවා නම් හොඳයි. තේරුම් ගන්න පුලුවන් කියන්න හදන එක...