(ඉන්දිකා රාමනායක)
2019 වසරේ සිට හිගුරක්ගොඩ ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ දේපළ සොරාගත් බව කියන ගුවන් හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ගුවන් භටයකු බවද පොලිසිය සඳහන් කරයි.
නිවාස බිදීමෙන් සොරාගත් දේපළ විකුණා සැකකරු කැබ් රථයක්, මිරිස්කුඩු කිරීමේ යන්ත්‍ර මිලදී ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සොරාගත් රන් ආභරණ මොහු විසින් ම නිවසේ දී උණුකර , වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
COMMENTS