(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අද (1) සිට කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක අංශයට රොබෝ යන්ත්‍ර දෙකක් යොදවා ඇත.
මෙම නව රොබෝ යන්ත්‍ර දෙක චීන රජයෙන් පරිත්‍යාග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොලිසිය රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය වැටලීම් කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.
(ඡායාරූප සහ වීඩියෝ - ටී.කේ.ජී.කපිල)




COMMENTS
මෙහි සාර්ථකත්වය බලා විශේෂයෙන් පසුගියදා ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස නම් කර පළාලි ගුවන්තොටුපළද මෙය යොදා ගත යුතුය.
ඔවුන් දෙන්නව තුවක්කු දෙකකුත් අතට දීල හිටවලා තියන්න ඕන වී.අයි.පී කට්ටිය ඇතුල් වෙන පැත්තෙන්. එහෙම උනොත් රටේ සැහෙන ලොකු ලොකු මළගෙවල් ටිකක් ජනතාවට දැකගන්න ලැබෙයි.
ගුවන් තොටුපළේ අල්ලස් ගන්න සේවකයන් අල්ලන්න රොබෝ කෙනෙකුත් හැදුවනම් තමා හොඳ.
මේවා බොරු සෝබන වැඩ. ලෝකේ දියුණු රටවල පවා මේ සදහා පුහුණු කල සුනඛයන් යොදා ගනිද්දී මේ රොබෝ වලට වැඩ ප්‍රතිඵල තිබේද? චීනයෙන් නිකන් දුන්නට සතිදෙකෙන් මේක අබලන් වී චීනයෙන් අලුත්වැඩියා කරගැනීමට අධික මිලක් යනවා .මේ ටික අපේ ලොක්කන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?
රොබෝ දන්නවා පොහොට්ටුවේ නම් අහක බලාගෙන ඉන්න ඕනේ කියලා.
මෙතරම් දියුණු ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය වැටලීමට සහාය වෙන්නේ සුනඛයින්.
අල්ලස් ගන්න පුරුදු වුණු පළමු රොබෝලා දෙන්නා හැටියට මේ දෙන්නා ඉතිහාසගත වේවි..!!