
(තිළිණි ද සිල්වා)
කටුනායක බණ්ඩාරනායක ජාත්යයන්තර ගුවන්තොටුපොළ ආරකෂක තත්වය තවදුරටත් තහවුරු කිරීම සදහා 20 දෙනෙකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් යෙදවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
එම සුනඛයින් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් යෙදවීම අද (15) දින සිදු කෙරිණි.
රාජකාරි ඇරඹීට පෙර මෙම සුනඛයින් අන්තරායකර ඹෟෂධ පාලන මණ්ඩලය විසින් පවත්වන ලද ප්‍රයෝගික පරීක්ෂණයකටද මුහුණ දුන් බවත්, ඒ අනුව මෙරටදී එවැනි පරීක්ෂණයකට බදුන් වූ පළමු අවස්ථාව මෙය බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආරක්ෂක තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුනින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුනඛ බලකාය තවදුරටත් ශක්තිමත් කිරීමට සිවිල් ගුවන්සේවා ආරක්ෂක කමිටුවේ දී, ගත් තීරණයට අනුව මෙම විශේෂ වර්ගයේ සුනඛයන් 20 දෙනා එම බලකායට මෙයට මාස කිහිපයකට පෙර එක්වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 22 ක් වූ මූල්‍ය සහාය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසිනි.
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් හඳුන්වාදී ඇති ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් වන රෙගුලාසීන් නිසි පරිදි ක්‍රියාවේ යෙදවීම අතින් ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් නිරන්තරයෙන් ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කරනු ලබන අතර එම තත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මේ අයුරින් පුහුණුව ලත් සුනඛයන් කණ්ඩායමක් යෙදවීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.
ගුවන් භාණ්ඩ ලෙස සහ ඇතැම් මගීන් විසින් රැගෙන යනු ලබන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි මෙම සුනඛයින්ට විශේෂ පුහුණුවක් ලබා දී ඇත්තේ අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදී ය.
මෙම සුනඛ කණ්ඩායම ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා අවශ්‍ය පුහුණු කටයුතු නිමකර විසිර යාමේ උත්සවය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණ.
COMMENTS
බල්ලෝ මොකටද? විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉන්නවනේ....
එතකොට මන්ත්‍රීලා අලුතින් පත්කරගන්නවද?
එතන ඉන්න සුනඛ බලකාය මදිවටද කකුල් දෙකේ අයව ගෙනත් දාන්නේ...?
අර 225ට වඩා සැරද?
ප්‍රමාද වී හෝ ආරම්භ කිරීම ගැන සතුටු වෙමි. ලෝකයේ ඉතාමත් දියුණු රටවල පවා මෙම ඉව බල්ලන් යෙදවීම කරනවා. මෙය ඉතාමත්ම දියුණුම ක්‍රමයයි. තැපැල් දෙපාර්තමේන්තුව, රේගුව, බන්ධනාගාර වලටත් මෙම බල්ලන් යෙදෙව්වොත් යහපත් ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. නමුත් අද ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් සහ ඉහළම පෙලේ ව්‍යාපාරිකයින්ගෙන් බලවත් විරෝධයක් එල්ලවීමට සිදුවීමට ඉඩකඩ ඇති අතර, ඉන්පසුව ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් මෙම බල්ලන් අදාල ස්ථාන වලින් ඉවත් වේවිද?
රටේ හැම දෙයක්ම සුනඛයින්ට ගිහින් ගොඩක් කල්....