
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවට සංචාරය සදහා පැමිණිවිට ගුවන්තොටුපලේදී වීසා පහසුකම් නොලැබෙන (on arrivel visa) නොලැබෙන රටවල් 07 අතරට ඊජිප්තු අයත් වන බවත්, එය ඉවත් කර ගන්නැයි ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති හුසේන් එල් ෂහාර්ටි මහතා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත
ශ්‍රී ලංකාව හා ඊජිත්තුව අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපතිවරයා සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර සංචාරක අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී තානාපතිවරයා මෙම ඉල්ලීම කළේය.
ඊජිප්තු තානාපතිවරයාගේ එම ඉල්ලීම සම්බන්ධව ආගමන විගමන අංශවල අවධානය යොමු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊට පිළිතුරු දෙමින් ඊජිප්තු තානාපතිවරයා හමුවේ කීවේය.
මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබද සිය ප්‍රසාදය පළ කළ ඊජිප්තු තානාපතිවරයා මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ඊජිප්තු රජය සිය පූර්ණ සහාය පළ කරන බව ද පැවසීය.
දෙරට අතර අත්සන් තබා ඇති සංචාරක අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව හා ඊජිත්තුව අතර සංචාරක සහයෝගීතාව වර්ධනය සදහා ඒකාබද්ධ කමිටුවක් ඉදිරියේදී පිහිටුවීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ඊජිප්තු තානාපතිවරයා හමුවේ කියා සිටියේය.
සංඛ්‍යා ලේඛණ අනුව මෙරටට වාර්ෂිකව පැමිණෙන ඊජිප්තු සංචාරකයන් ගාණ 5000 ක් පමණ වන අතර එය ඉහළ නැංවිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
දෙරටේ සංචාරක බළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා මේ සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට මෙම සාකච්ඡාවේ දි එකගතාවය පළ විය. දෙරට අතර විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට ද මෙහි දි තිරණය කෙරිණ.
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කරීම් අබුලෙනින්, සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වුහ.
COMMENTS
නැතිනම් හදිස්සියකට ණයක්වත් ඉල්ලගන්න බැරි වෙයි...
ඔය වැඩේ කරල දෙමු නේද?නිතරම බංගලිදේශයෙන් ණය ඉල්ලන්නත් බැහැනේ,ලැජ්ජයි නේ.
එහෙත් එහෙම කරනවනම් ඒකෙ වැරද්දක් නැහැ .මිනිහෙකුට ඒ රටට වත් යන්න පුළුවන් වෙයිනෙ
සංචාරක වේශයෙන් මූල ධර්ම වාදීන්ද පැමිණිය හැක. වීසා නිකුත් කිරීම ලිහිල් කිරීමට පෙර කීප වාරයක් සිතා බලන්න. නැත්තං පස්සෙන් පහු ආයෙම අඬන්න වෙයි ඇමති තුමෝ.. බලාගෙනයි.. කල්පනාවෙන්.. පරිස්සමෙන්..
ප්‍රසන්නයා සිංහලෙන් තමයි ඉතින් බොග් බොග් ගාලා කියන්න ඇත්තේ .අනේ ඉතින් ලේකම්ලගේ පිහිට තමයි .ලෝකේ හැම රටකම ඉන්න ඇමතිලා උගත් අය .හැබැයි ලංකාවේ එහෙම වෙන්නේ නෑ ......
නියම සංචාරකයෝ තමයි සත පනහක් වියදම් කරන්නේ නැති ජාතියක්
අයියෝ ප්‍රසන්න ඔයා ඉල්ලුවේ නැද්ද ලංකාවේ අයටත් ඊජිත්තුව ඊ -වීසා දෙන්න කියල .රටවල් 74 කට එයාල ඊ වීසා දෙනවා අපිට දෙන්නේ නෑ