
(සුමිත් ප්‍රේමතිලක)
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගාලුකුමාරි දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා පානදුර අගමැති බාලිකා විදුහල ආසන්නයේ දී ගාල්ල සිට මරදාන බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇත .
පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙන් හඳුනාගෙන නොමැති බවත් ඔහු වයස අවුරුදු 60 ත් 70 ත් අතර පසුවන අයෙකු බව පොලිසිය සැක පලකරයි.
තද නිල් පැහැති අත්දිග කමිසයක් සහ අළු පැහැති ත්‍රී ක්වාටර් කලිසමකින් සැරසී සිටි පුද්ගලයා දුඹුරු පැහැති මේස් සහිතව කැන්වස් යුවලක් පැළැඳ සිට ඇත අතර ඔහුව හදුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි. මෘත දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.