IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

ඩී.ජී.සුගතපාල
 
ගාලු කොටුවේ ගොඩනැගිලි සියයට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශීකයින් විසින් මිලට ගෙන ඇති බවත් මෙයට පෙර තුන් දහසකට ආසන්න ජනගහණයක් සිටි කොටුවේ ජනගහණය ද එක් දහස් පන්සියකටත් වඩා අඩුවී ඇති බවත් ගාලු උරුමය පදනම පවසයි.


තැරැව්කරුවන්ගේ මැදිහත්වීම නිසා කොටුවේ පර්චසයක් මේ වනවිට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන බවද නඩු තිබෙන ගොඩනැගිලි ද තැරැව්කරුවන් විසින් විදේශිකයින්ට රවටා විකිණිම නිසා ඒවා මිලට ගෙන ඇති විදේශිකයින් ගැටලු රැසකට මුහුණ තිබේ. ඒ හේතුව නිසා ආයෝජකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද ගාලු උරුමය පදනමේ නිලධාරියකු පැවසීය.


එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ රජයේ ආයතන පවත්වා ගෙන යන ගොඩනැගිලි 37  ඇතුළු ගොඩනැගිලි හාරසිය පනහක් පමණ කොටුවේ තිබෙන අතර ඒවායින් සියයකට අධික ප්‍රමාණයක් මේ වනවිට මෙසේ විදේශිකයින් විසින් මිලට ගෙන සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බවයි.


නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැරණි ගොඩනැගිලි විනාශ කරන ලද අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන අතර මේ වන විටද එවැනි නඩු කිහිපයක් පවරා තිබේ. මෙම ගොඩනැගිලි ලන්දේසි සහ ඉංග්‍රිසි  යුග වලට අයත් පුරා විද්‍යාත්මක වටිනා කමින් යුත් ඒවාය.



අදහස් (32)

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

SAMPATH Thursday, 06 December 2018 06:07 AM

යහපාලනයේ අනුහසින්..!

:       5381       4255

Marawimalen De Melo Thursday, 06 December 2018 06:26 AM

විකුණලා තියෙන්නේ ගාල්ලේ හාදයෝ . චීනට රට සින්නක්කර විකුණනකොට ගෝලයෝ ගාල්ලට වැඩේ දීලා

:       450       1155

MTV Thursday, 06 December 2018 07:26 AM

අපේ මිනිස්සුන්ට සල්ලි ලැබෙනවානම් ඕන දෙයක් කරනවා.

:       0       222

KANDEPOLA Thursday, 06 December 2018 07:33 AM

ගාල්ල විතරක් නෙවෙයි. මුළු රටම සුද්දන්ට ලියලාම දෙන්න වෙයි ඉස්සරහට.

:       12       174

fasmy Thursday, 06 December 2018 07:39 AM

විකිණීම තහනම් කල යුතු අනිවාර්ර්ය කාරණයක් වසර 25 කට බද්දට දුන්නට කමක් නැත

:       0       79

Hafeel Thursday, 06 December 2018 07:39 AM

පුදුමයි ලොක්කන්ගෙන් බේරුන එක...

:       3       51

මල්ලී Thursday, 06 December 2018 07:47 AM

සින්නක්කර ඉඩම් විදේශිකයන්ට විකුණන එක දකුණේ අයගේ ජීවන උපාය වගේ...

:       271       338

DarshanaThursday, 06 December 2018 08:36 AM

යහපාලනයට ඡන්දය දුන් අය වෙන්න ඇති. මොකද පාලකයෝ වරාය ගුවන්තොටුපල විකුනද්දී ගෝලයෝ අනෙක් දේවල් දෙනවා.....

:       244       509

sandy123 Thursday, 06 December 2018 07:55 AM

ඉස්සරහට ජාතික ගී කීයක් ගයන්න වෙයිද දන්නේ නැහැ. එහෙමත් නැතිනම් ජාතික කොඩියට තවත් වර්ණ එකතු කරන්න වෙයිද දන්නේ නැහැ.

:       16       184

jayath Thursday, 06 December 2018 08:07 AM

අර සුනිල් ආරියරත්නගේ සින්දුවේ කියන විදියට තව ටික කාලෙකින් අපේ අය සීගිරියත් විකුනනවා මෙන්න කැට !

:       3       99

channa Thursday, 06 December 2018 08:11 AM

අනේ හපොයි... අපේ උරුමය ඉවරයි. කමක් නැහැ ඒවා ගත්ත කට්ටිය හොඳට ආරක්ෂා කරලා තිබ්බොත් හොඳයි.

:       78       177

mahinda Thursday, 06 December 2018 08:22 AM

මේක අද ඊයේ වෙච්ච දේවල් නොවේ. 2000 ගණන්වල ඉඳන් වෙච්ච් දේවල්.

:       163       375

Mahee Thursday, 06 December 2018 08:33 AM

අපේ රට කෑලි කඩලා විකුනන බව කවුරුත් දන්නව ඇති. ඒ හින්ද පෘතුගීසි හරි ලන්දේසි හරි ඇවිත් ඉස්සර කරපු දේ වෙනස් විදිහකට කරන්න හදනවා ඇති.

:       2       42

lakmal Thursday, 06 December 2018 10:23 AM

තමන්ගේ ඉඩමක් තමන්ට අවශ්‍ය නම් එය තව කෙනෙකුට විකිණීමේ ඇති වරද කුමක්ද? එසේනම්, ඔය ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රලියව වැනි රටවලට සංක්‍රමණය වූ ලාංකිකයින් ඒ රටවල ඉඩම් සහ නිවෙස් මිලදී ගෙන තිබීමත් වරදක්ද?

:       43       219

samFriday, 07 December 2018 07:32 AM

ලංකාව සදාකාලිකවම තුන්වන ලෝකයේ රටක් හැටියට තියෙන්නේ ඔබ ඔය කියන දේ තේරුම් ගන්න තරමට මොලයක් නැති ජනතාවක් එහි සිටින නිසායි.

:       0       2

BamunuarachchiSaturday, 08 December 2018 01:02 PM

රටේ තරම හිතාගන්න බැරිකමින් මොලේ තරම හිතා ගන්න පුළුවනි...

:       1       1

tommySaturday, 08 December 2018 04:51 PM

රටේ කීප තැනක ඉඩම් මිලදී ගත්තා කියා කලබල වෙන්ට අවශ්‍ය නැහැ. මා සිතන්නේ නැහැ හොඳ සිහියෙන් ඉන්නා කිසිම විදේශිකයින් පිරිසක් විසින් මුළු ලංකාවම ගිල ගනී කියා. මක් නිසාද යත්, අද ලංකාව ගිල ගත්තා කියා ඔවුන්ට අපෙන් උදුරා ගන්නට ඇත්තේ මොනවද? ඒ අපේ දුප්පත්කමද, ණය කන්දද, කඩා හැලෙන කුණු කඳුද, ඔය පාරවල් දිගේ බෙරිහන් දෙමින් වර්ජනය කරන අයද, එසේත් නැත්නම් පාර්ලිමේන්තුව තුල රෙදි උස්සමින් කුණුහරප කියන සෙට් එකද? මා සිතන හැටියට අද ලංකාව ගිලගත් කෙනෙකුට වන්නේ ඒ මොහොතේම එය වැමැරීමටයි.

:       0       28

BamunuarachchiSunday, 09 December 2018 04:27 PM

දැනට ලංකාව ගිලගෙන සිටින ජාති දෙකත් ලංකාවට පැමිණියේ ඔහොමයි. ඔවුන් ලංකාවට පැමිණිවිට එකල ලංකාවේ සිටි සිංහලයොත් සිතුවේ ඔහොමයි. දැන් රට, ජාතිය ගැන නොසිතනවුන් නැගෙනහිර එක කට්ටියකටත්, උතුර තවකොටසකටත් දෙන්න පොරොන්දු වෙලා. මේ විදිහටම ගියොත් දකුණත් තව විදේශිකයින් දීලා අපට අපේම රටේ ටොමියෝ වෙලා ඉන්න වෙනවා.

:       0       0

BamunuarachchiSunday, 09 December 2018 04:46 PM

හලෝ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල සංක්‍රමණිකයින් ඉඩම් ගත්තේ රටේ නියම අයිතිකරුවන් මරලා. දැන් සංක්‍රමණිකයින් ඉඩම් ගන්නවාට විරුද්ධ වෙන්න කෙනෙක් නැත. ඔක්කොම සංක්‍රමණිකයින් නිසා.

:       0       0

Chandima Thursday, 06 December 2018 12:01 PM

ඔවු ඉතින් ඔහොම යනකොට කොහෙවත් ඉන්න අය ටිකක් ඇවිත් කියාවි මේ රට ඒ අයගෙය අපිට කියාවි ඔයාල යන අහක යන්න කියල.

:       0       0

saman Thursday, 06 December 2018 12:53 PM

විදේශිකයෝ අඩු තරමේ සල්ලි දීලා අරගෙන තියෙන්නේ. උතුර දෙන්න යන්නේ නිකම්මනේ?

:       0       0

aba Thursday, 06 December 2018 09:02 PM

විදේශිකයෝ මිලදී ගන්නම ඕන අපේ දෙයක වටිනාකම අපිටම තේරෙන්න

:       0       0

maalaka Friday, 07 December 2018 12:17 AM

මම දන්නා විදිහට මේක අද ඊයේ දෙයක් නෙමෙයි. මීට වසර 10 ට පමණ කලින් ගාලු කොටුවේදී හමුවුන මුස්ලිම් ජාතික වැඩිමහලු මහත්මයෙක් අප සමග කීව මේ කතාව.

:       0       13

Vipula Friday, 07 December 2018 03:23 AM

විදේශිකයෝ කියන්නේ අපේ රටේ නොවන ඕනෙම කෙනෙක් ...

:       0       13

Thushara Saturday, 08 December 2018 05:35 AM

මිනිස්සු ළඟ සල්ලි නැහැ. සල්ලි ටිකක් හොයාගන්න ලේසිම ක්‍රමය තියන දෙයක් විකුණන එක.. මේකෙදි දෙපැත්ත ගැනම හිතන්න ඕනේ...

:       0       2

BamunuarachchiSaturday, 08 December 2018 12:58 PM

ඉඩම් ටික විකුණලා ඉවරවෙලා මොනවද විකුණන්නේ? විදේශිකයින්ට මේ රටේ ඉඩම් මිලට ගැනීමේ අයිතිය දුන්නේ මොන ආණ්ඩුවද?

:       2       0

Chanak los angelesMonday, 10 December 2018 09:53 PM

කව්ද ඉතින් රටේ කරුමෙට පහල වුණු සහෝදර සමාගමේ ආණ්ඩුවේ යටතේයි .

:       0       0

Ajith Saturday, 08 December 2018 08:59 AM

දේශපාලකයින් ගුවන් තොටුපළ, වරාය, බැංකු කොල්ල කාලා රට බේරාගත් හමුදා නායකයින් හිරේට දානවා. රටේ ඉඩම් විකුණනවා. ඒ විතරක් නොවේ. රටත් දෙකඩ කරන්න ව්‍යවස්ථාව වෙනස් කරනවා නම්. අපටත්, රටටත් අබසරණයි...

:       0       0

BamunuarachchiSunday, 09 December 2018 04:55 PM

එහෙම වෙනවාට කැමති මිනිස්සු කොපමණ මෙතනම ඉන්නවාද? ඒ තරමටම මේ මිනිස්සු පරගැතිවෙලා.

:       0       0

Bamunuarachchi Saturday, 08 December 2018 12:55 PM

විදේශිකයින් කියන්නේ සිංහල නොවන ඕනෑම කෙනෙක්...

:       5       0

lakmalSaturday, 08 December 2018 04:14 PM

ඒ කියන්නේ ඔය බැසිල්, ගෝඨාභය වගේ අය ගැනද?

:       0       21

BamunuarachchiSunday, 09 December 2018 04:39 PM

බැසිල්, ඝෝඨාභය වගේ මිනිසුන් ඔබට පෙනෙන්නේ සිවාජිලිංගම්, රිෂාඩ් බදියුදීන්ටත් වඩා වෙනස් විදිහකටද? අනේ ඝෝඨාභය මහත්තයෝ ප්‍රභාකරන්ගෙන් රටබේරා දුන්නේ මේ වගේ ගුණමකු මිනිසුන්ටද? ඔබ මේ බව කලින් දන්නවා නම් ඇමරිකාවේ සිට ප්‍රභාකරන්ට ආයුධ විකුණා ප්‍රකෝටිපතියෙක් වෙන්න තිබුණා නේද? මම සිංහලයෙක් වුනත් ඔබ වෙනුවෙන් මෙවන් සිංහලයින්ට වෛර කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 667 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 593 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1655 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 217 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 295 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 217 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 42 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1297 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site