(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.
මෙම ගල් අඟුරුවල හමුවී ඇත්තේ ගාල්ල කොටුවේ පෘතුගීසීන් විසින් ඉදිකරන ලද කළු කොටුව නැමැති කොටසිනි.
ලෝක බැංකු සහන ණය ආධාර යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් මේ දිනවල ගාල්ල කොටුවේ සිදුකරන සංරක්ෂණ කටයුතු අතරතුර මෙම ගල් අඟුරුවල හමුවී තිබේ. වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ මහතාගේ උපදේශකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. ගාල්ල පැරණි පෘතුගීසි කොටුව හෙවත් කළු කොටුවේ පැති බැම්මේ පිහිටි ඕලන්ද ගොඩනැගිල්ලක පොළොව සංරක්ෂණය සිදුකරන අතරතුර එහි ගල් අඟුරු ඇති බව සොයාගෙන ඇත. ඒ අනුව ආචාර්ය කුරේ මහතා ආචාර්ය නිමල් පෙරේරා මහතා දැනුම්වත් කිරීමෙන් පසු එහි කැණීමක් සිදුකර තිබේ.
ආචාර්ය පෙරේරා මහතා පවසන්නේ මෙම ගල් අඟුරු වළ හමුවූ ස්ථානයේ ඇති පැරණි ඕලන්ද ගොඩනැගිල්ල සිර මැදිරියක් ලෙස ද භාවිතා කර ඇති බවයි. එය සිර කුටි කිහිපයකින් සමන්විත අතර ගොඩනැගිල්ලේ එක් කොටසක් කඩා වැටී ඇත. ආලින්දයක් ද සහිත මේ ගොඩනැගිල්ලේ ඇති එක් සිර මැදිරියකින් මෙලෙස ගල්අඟුරු හමුවී තිබේ.
ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ අදහස වන්නේ මෙම ස්ථානයේ ආයුධ නිෂ්පාදනය කරන ස්ථානයක් තිබෙන්නට ඇති බවයි. එය පෘතුගීසි පාලන කාලයේ දී හෝ ඕලන්ද ජාතිකයන් විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර තිබූවක් වියහැකි බවත් පසුව ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී ශේෂ වී තිබූ ගල් අඟුරු කොටස් ගොඩනැගිල්ලට යටවන්නට ඇති බවත් ඔහුගේ අදහසයි.
'' මේ ගල් අඟුරු අතර පිළිස්සී ගිය දැව කොටස් තිබෙනවා. ඒ නිසා පැහැදිලිවම මේවා දහනය කළ බව තහවුරු වෙනවා. ගල් අඟුරු ඉවත් කළ විට එම ස්ථානයෙන් කවාකාර වළක් මතුවී තිබෙනවා. එය ආයුධ සෑදීම සඳහා උඳුනක් ලෙස භාවිතා කළාද කියා නිශ්චිතව කිව නොහැකියි. නමුත් එම ස්ථානයේ පොළොවේ පැල්මක් ද දක්නට ලැබෙනවා. එම පැල්ම දිගටම තිබෙනවා ද කියා අප ඉදිරියේ දී සොයා බැලිය යුතුයි. ගල් අඟුරු සමඟ දහනය වූ දැව කොටස් තිබෙන නිසා එමගින් අපට මේ දහනය කිරීම් සිදුකර තිබෙන්නේ කවර වර්ෂයක දී ද කියා සොයාගත හැකියි. ඒවා කාලනීර්ණය සඳහා යොමු කරනවා. කළු කොටුව පෘතුගීසීන්ගේ නිර්මාණයක් වුණාට මේ ගොඩනැගිල්ල පැහැදිලිව ම ඕලන්ද ජාතිකයන් විසින් සෑදූ එකක්. ඇතැම් විට මේ ගල් අඟුරු පෘතුගීසි ජාතිකයන් විසින් භාවිතා කරන්නට ඇති. නැතිනම් ඕලන්ද ජාතිකයන් ගොඩනැගිල්ල සෑදීමට පෙර මේ ස්ථානයේ ගල් අඟුරු දහනය කළා වෙන්නත් පුළුවන්."
පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙම ගල් අඟුරු ඉන්දියාවේ හෝ අප්‍රිකාවේ සිට මෙරටට ගෙන එන්නට ඇති බවයි. ගල් අඟුරු පෘතුගාලය හෝ ඕලන්දය වැනි දුර බැහරක සිට ගෙන එනවාට වඩා ඉන්දියාව වැනි ස්ථානයකින් ගෙන ඒම පහසුවක් වූ බව ද ඔවුන්ගේ අදහසයි.
මෙහි වැඩිදුර පර්යේෂණ කටයුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී අධිකාරී යන මහත්වරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සිදුවෙයි.
දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නිල සංචාරයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ජනාධිපතිවරයා පත් කිරීමට කැපවීම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් හා යෝජනා නොසලකා කටයුතු කළහොත් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවත් දිගින් දිගටම කෙනෙහි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වල් අලි බහුල ප්‍රදේශයක් වන හබරණ බෙල්ලන්කඩවල කුඹුරු යායක් ආවරණය වන පරිදි ජංගම විදුලි වැටක් ඉදිකර ඇත.
උඩරට සහ පහතරට එලවළුවල කිලෝවකම මිල රු 400 – 750 අතර මිලකට අලෙවි කිරිම නිසා එලවළු වෙළෙදාම සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙළෙන්දෝ කියති.
පුරාවිද්‍යා, පරිසර,හා වනජීවී යන අමාත්‍යංශ තුනකට පැවරී තිබෙන එකම භූමිය වන ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ අක්කර සිය ගණනක කොළ රොඩු ඉවත් කිරීමට ගෙන ඇති අ
මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා
ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්
කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ
ගාලු කොටුවෙන් ඉපැරණි ගල් අඟුරු වළක් හමුවෙයි
ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 30 September 2020 08:37 AM
අම්බලන්ගොඩ තානායම් භූමියේත් ඔන්න ඔය වගේ දේවල් තිබිලා තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරගෙන ආ බිත්ති දෙකක් තානායමේ තිබුණා කියල තමයි කියන්නේ... හැබැයි දැන් තානායම කඩලා බඩුත් අරං ඉවරයි. මුලු තානායමම කඩා ඉවත් කරගෙන ගිහිං තියෙන්නේ රුපියල් 75000 කට. නමුත් තානායමේ එක බාල්කයක් රුපියල් ලක්ෂ ගණන් වටිනවා කියලා දන්න අය තවමත් ඉන්නවා... අම්බලන්ගොඩ දහස් ගණනක්. මෙම තොරතුරු පනත යටතේ මේ තානායම කඩා ඉවත් කරගෙන යාම පිළිබඳ කරුණු 350ක් අම්බලන්ගොඩ නගර සභාවෙන් අහලා තියෙනවා. දැන් අවුරුද්දකට කිට්ටුයි. හැබැයි තවම කිසි පිළිතුරක් නැහැ. තානායම කඩලා අලුත් තානායමක් හදනවා කියලා අවස්ථා කිහිපයකදීම අපේ දකුනෙ හිටපු මහ ඇමැතිතුමා මුල් ගල් නම් තිබ්බා. ඒවාට ගිය වියදම වරක් රුපියල් ලක්ෂ 54ක් කියලා දකුණු පළාත් සභාවේ හැන්සාඩ් එකේ තියෙනවා. ඊට කලිනුත් ඒ වගේ වියදමක් දරලා තියෙනවා. එහෙම තියපු තවත් පැලවෙන මුල් ගල් කිහිපයක්ම අම්බලන්ගොඩ තියෙනවා. දැන් තානායම අපට අයිති නැහැ. කාටද වික්කලු අවුරුදු 99කට. ඇයි මේ අයට හෙණ ගහන්නේ නැත්තේ?
ලලිත් ජයවිර Wednesday, 30 September 2020 08:44 AM
අම්බලන්ගොඩ තානායම් බිමෙන් රත්තරං හමබවෙලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. හැබැයි මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට අපේ තානායම රත්තරං ටොන් දහසකටත් වඩා වටිනවා. ඒක ඓතිහාසික තානායමක්... අම්බලන්ගොඩ කියන නාමය ජාත්‍යන්තරයට අරං ගිය එක දෙයක් තමයි අපේ තානායම.... එහෙම තානායමක් ලෝකෙ කොහේවත් නැහැ කියලා තමයි කියන්නේ... ස්වභාවික මුහුදු තටාකයක්ද තියෙන එකම තානායම. සුනාමියෙන් මුලු දකුණම විනාශ වෙද්දී අපේ තානායමට එක වතුර පොදකින් හානියක් වුනේ නැහැ. ඒ වුණාට පස්සෙ අපේ තානායම සුනාමියෙන් විනාශ වුණා කියලා කියන්න පත්තරවලත් ලිපි පළකළා. අම්බලන්ගොඩ අපේ තානායම විනාශ කලේ වෙන කවුරුවත් නොවෙයි. කිසිඳු භේදයකින් තොරව සෑම දේශපාලන පක්ෂයකම සාමාජිකයින් එකතුවෙලා තමයි මේ තානායම රුපියල් 75000 කට කඩා ඉවත් කරගෙන යන්න දුන්නේ. ඒකෙ තිබුණු හිරිගල් ටික විතරක් කෝටි ගාණක් වටිනවා කියලා තමයි කියන්නේ. ලී දඬු ටික විතරක් ලක්ෂ 100කට වික්කා කියලා කියනවා. දැන් ඔය ගාල්ලේ කොටුවේ වගේ අපේ තානායම් බිමේත් තියෙනවා තවමත් පුරාවිද්‍යා එකෙන් මුරකරන හිර ගෙයක්... අනේ බැරිවෙයිද මේ අය අල්ලලා ඒකෙවත් දාලා හිර කරන්න.
ගබිලින් Wednesday, 30 September 2020 07:40 PM
අර කඩා වැටෙනකම් බලන් හිටිය තැපැල් කන්තෝරුව හදහල්ලා. ඇමතියන්ට තැපැල් දීමනා දෙනවා ලක්ෂ තුනක්ද කොහෙද... අවුරුද්දකට දැන් ඉන්ටර්නෙට් පාවිච්චිකරත්... ඒ මුදල 225න් වැඩිකරලා එන මුදලෙන් ඒ සුන්දර ගොඩනැගිල්ල හදාගන්න තිබුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවල ඉන්නේ ඇත්තටම මොන මානසිකත්වයක් තියෙන උන්දැලාද? මේවා පෙනෙන්නේ නැද්ද? මේවායේ වටිනාකමක් නැද්ද? සිංගප්පූරුවේ තිබ්බා නම් මෙලහකට බිල්ඩිම සංරක්ෂණය කරලා තැපෑල පිළිබඳ කෞතුකාගාරයක් කරලා මෙලහකට... අර අවුරුදු 100ක් විතර පරණ මාර ගහකුත් කපලා අයින් කළා උසාවිය ළඟ. සුද්දෝ කරලා දුන්න, අපේ අසමත් ඈයෝ දෙනවා වැඩේ හිටු කියලා. අපේ කරුමේ තමයි ඉතින්....
jutin Thursday, 01 October 2020 06:33 AM
පුරාවිද්‍යාවට සම්බන්ධ හැමෝටම සෙනරත් කොටස තියෙනවා වගේ...
de silva Thursday, 01 October 2020 12:49 PM
ලලිත් ජයවීර මහත්මයා.., ඔබගේ අදහස සම්පූර්ණයෙන්ම සත්‍යයක්. නමුත් මේ හොරු හිරේ යැවීම කෙසේ වෙතත් ජනතාව මෙදාපාර හොර මුලේ නායකට මනාපෙ ගහලා පාර්ලිමේන්තු යැව්වා. ලංකාවේ පාර්ලිමේන්තුව කියන්නේ හොරුන්, මිනීමරුවන් රජකරන ස්ථානයක්...
සුසන්ත - අම්බලන්ගොඩ Thursday, 01 October 2020 02:22 PM
සිල්වා මහත්තයා, ඔය හොර මුලේ නායකයා කියන්නේ අපේ ෂාන් මහත්තයට නේද? එයත් හොර මුලේ තමයි. නමුත් එයා නායකයා නොවෙයි. දෙවෙනියා වගේ තමයි ඉන්නේ. නායකයා ඉන්නේ අම්බලන්ගොඩ නගර සභාවේ...