IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ගල්විල වන උද්‍යානයත් වනසති

(එච්. චන්දන)

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් තබ්බෝව - ගල්විල පාරිසරික උද්‍යානය තුළ වසර 100ක් පැරණි ගස් කැපීම්, වැලි ගොඩදැමීම් ඇතුළු විශාල පාරිසරික හානි රැසක් සිදුවන බව  ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
 
හෙක්ටයාර් 21 ට ආසන්න භුමි ප්‍රමාණයකින් සමන්විත මෙම ගල්විල පාරිසරික උද්‍යනය තුළ දැනට වැව් හාරන මුවාවෙන් ගොවි සංවිධානය ලබා දුන් අවසරය මත කිසිදු ඉවක් බවක් නොමැතිව බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන ස්ථාන ගණනාවක වැලි සහිත පස් ඉවත් කර රැගෙන යන ආකාරයක් දක්නට ලැබේ.
 
ඒ අතර තුර මෙම පාරිසරික උද්‍යානයේ  සංචාරකයින්ට ගමන් කිරීමට කිලෝ මීටර් 80 පමණ මාර්ග සකස් කරණ මුවාවෙන් දැවැන්ත වන සංහාරයක් කර තිබේ.  වසර 100 ගණනාවක් පැරණි කරුවල, වීර, පළු ගස්  රැසක් ඉවත් කර  විවිධ පුද්ගලයින් විසින් රැගෙන යන බව ලුම්බිණි විහාරයේ විහාරාධිපති පුජ්‍ය මානැවේ පඥ්ඥාරාම හිමියෝ පැවසූහ.
 
මෙම පාරිසරික උද්‍යානයට ඇතුළු වන විටම වැලි පස් සහිත ලොර් රථ දෙකක් පිටතට පැමිණි අතර, එක් ලොරි රථයක් කිසිවකු නොමැතිව කැලය තුළ සඟවා තිබෙන අයුරුත්, වැලි පස් ලබා ලොරි රථ වලට පටවන බැකෝ යන්ත්‍රය  එක් ස්ථානයක කිසිවකු නොමැතිව තබා තිබෙන අයුරුත් දක්නට ලැබුණි.
 
2017 වර්ෂයේදී විශේෂ ව්‍යපෘතියක් ලෙස විදෙස් මුදල් ආධාර මත ආරම්භ කළ මෙම ගල්විල පාරිසරික උද්‍යානය ඉකුත් කොරෝනා අවදියේ ම   2020 / 07 / 17 වන දින කඩිමුඩියේ ආරම්භ කළ බවත්  , මෙය පටන් ගත් කාලයේ සිටම විවිධ අකටයුතුකම් සිදු වූ බවත්, ඒ අවධියේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මේ සම්බන්ධ කටයුතු කළ අය මේ පිළිබදව කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත්,  දිනෙන් දින මේ උද්‍යානය තුළ සිදුවන පාරිසරික හානිය අද සියසින්ම දැක ගත හැකි වූ බවත් මෙම උද්‍යානයේ ඉදිකිරීමේ සිවිල් ග්‍රාමීය සංවිධානවල අනුශාසක ලෙස කටයතු කරන පුජ්‍ය මානැවේ පඥ්ඥාරාම හිමියෝ වැඩිදුරටත් සදහන් කළහ.

තව දුරටත් අදහස් දැක්වූ  උන් වහන්සේ මෙසේද පැවසූහ.
 "
 "ඉකුත් දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ පරිසර හානී පිළිබදව වාර්තා වුණා. නමුත් ඒ සියලු තැන්වලට වඩා මාර්ග තැනීමේදී විශාල ගස් කිසිම ඉවක් බවක්, අධීක්ෂණයක් නොමැතිව කොන්ත්‍රාත්කරුවන්ට ඕනෑ ආකාරයට කපා දමලා. මෙම උද්‍යානයේ යම් සිසිලසක් තියෙන විශේෂ කොටසක තමයි මෙලෙස ගස් කපා දමා විනාශ කරලා තියෙන්නේ. මේක ජාතික අපරාධයක්, මේවාට නම්  වන සංරක්ෂක නිලධාරින් හා මේවාගෙන් යැපෙන යම් යම් පුද්ගලයින් රැසක් ඉන්නවා. ඒ සියලු දෙනා මේවාට වග කියන් ඕනෑ.  මේ පිළිබදව බලධාරීන් සොයා බලා වැරදි කළ අයට නිසි දඬුවම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා ‍" යැයිද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

 



අදහස් (14)

ගල්විල වන උද්‍යානයත් වනසති

ලුම්බිණි Sunday, 20 September 2020 04:01 AM

වියත් මග කියත් මග වෙලා නේද?

:       0       0

සෑම් Sunday, 20 September 2020 05:06 AM

මිනිස්සුනේ 2019 නොවැම්බර්, 2020 අගෝස්තු නුඹලා රැවටුණා නම්, දැන්වත් මේ දැවැන්ත සංහාරය කරන දේශපාලකයින් පලවා හරින්න නැගිටියව්...

:       0       0

Kamal Koyrala Sunday, 20 September 2020 05:52 AM

දැන් පරිසර සංවිධානත් නැහැ. විල්පත්තු ගිය සංඝයා වහන්සේලා ඇතුළු පරිසර නඩ කිසිවක් නැහැ. කීපදෙනෙක් චක්‍රවර්තීලා ඇතුළු ජනාධිපති උපදේශක සහ කාර්ය සාධක බලකාවලත් ඉන්නවා.

:       0       0

Hafeel Sunday, 20 September 2020 06:43 AM

බදූර්දීන්ලා දොස් කියමින් මේ ආණ්ඩුවතුළ සිදුවන පරිසර හානිය කොහොමද? බලයට එන්න කළින් කිව්වා නේද, විනයගරුක රටක්, කෙළින් වැඩකරන නායකයෙක්, කාටත් එක නීතිය... කෝ ඒවා දැන්? 

:       0       0

ඡන්ද දායකයා Sunday, 20 September 2020 06:48 AM

රට හදන්ඩ එනවා කියලා රට කාන්තාරයක් කරන්න යනවා වගේ..

:       0       0

Rata Perata Sunday, 20 September 2020 07:07 AM

මේ විනාශයන්, බඩුමිල ගැන කිසි වගක් නැහැ. මළමිනී උඩින් හරි 20සම්මත කරගන්නයි ඕනෑ. බයියන්ට මේවා තේරෙනකොට අපිට රටක් නැතිවෙලා තියේවි.

:       0       0

De Sunday, 20 September 2020 07:20 AM

ගස් කපන්නේ නැතිව නම් හොඳයි...

:       0       0

Kodi Sunday, 20 September 2020 09:23 AM

දැන්නම් හොඳටම සනීප ඇති අපේ දේශප්‍රේමී මිතුරු මිතුරියන්ට..

:       0       0

siri Sunday, 20 September 2020 12:36 PM

මේවා සාධාරණීකරණය කරන්න දැන් ගොට්ට අල්ලන හොර පරිසර සංවිධාන බිහිවෙලා කියලා කවුදෝ කියනවා ඇහුණා.

:       1       1

Demuni Uduwara Sunday, 20 September 2020 01:25 PM

රජයට අවශ්‍යයිමේ සම්පත් පිරිසිදු කැන්න.

:       0       0

banda Sunday, 20 September 2020 02:32 PM

මේකට කියන්නේ සෞභාග්‍යෙය් දැක්ම කියලා අපේ හාමුදුරුවනේ..

:       0       4

Ferna Sunday, 20 September 2020 07:43 PM

සිවිල් ආරක්ෂක කමිටුව,, ග්‍රාමසේවක,, ගමේ තව තව වගකිවයුතු උදවිය මේ අපරාධ නොදකීන එකනෙ පුදුමේ. වගකීමක් නොදන්නා ජාතියක් වෙලා.

:       0       1

sharm warn Monday, 21 September 2020 03:59 AM

අහ්හ්... ප්‍රීතියි... ප්‍රීතියි...

:       0       11

Isuru Monday, 21 September 2020 06:38 AM

කියත්මග...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 233 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2088 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site