(ඩී. ජී. සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන 70කින් ක්‍රියාකාරී සැලසුම් ලබාදී නොමැති, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කැඳවීම්වලට සහභාගී නොවන සංවිධාන 50ක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය වෙත දන්වා යැවීමට තීරණය කළ බව ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්. එම්. එම්. ශරෆාස් මහතා පැවසීය.
මේ වනවිට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන 70ක් පමණ තිබුණද 2019 ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධයෙන් විමසීම සඳහා දිස්ත්‍රි ලේකම්වරයා විසින් කැඳවා තිබූ රාජ්‍ය නොවන සංවිධානවල රැස්වීම සඳහා පැමිණ සිටියේ සංවිධාන 20ක් පමණි.
මේ වනවිට ජාතික මට්ටමින් ලියා පදිංචි රාජ්‍ය නොවන සංවිධාන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, දිළිඳුකම පිටුදැකීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය, ආපදා කළමනාකරණය, ග්‍රාම සංවර්ධනය, ළමා අයිතීන් සුරැකීම, කාන්තාව හා සංවර්ධනය, පරිසර සංරක්ෂණය, ජීවනෝපාය සංවර්ධනය ආදිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ රැස්වීම් ක්‍රියාත්මක වන අතර ඒවා මාස තුනෙන් තුනට ක්‍රියාකාරි සැළසුම් ඉදිරිපත් කළ යුතු වුවද ඒවායින් සංවිධාන රැසක්ම පසුගිය වසරේ ක්‍රියාකාරී සැලසුම් හා මෙම වසරේ පළමු කාර්තුවේ සැලසුම් ද ලබාදී නොමැත.
මෙම සංවිධාන බොහොමයක් විදේශ ආධාර ලබාගෙන ජාතික මට්ටමින් ලියා පදිංචි වී මූල්‍ය අංශයෙන් අනුමැතිය ලබාගෙන පැමිණෙන බවත්, විවිධ ප්‍රදේශවල අවශ්‍යතාවන් අනුව කටයුතු කළයුතු වුවත් එසේ නොකිරීම නිසා රජයේ නිලධාරීන් අපහසුවට පත්වෙන බවත් සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
468
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලේ රාජ්‍ය නොවන සංවිධාන 50ක ලියාපදිංචිය අවලංගුකිරීමට යයි