(ඩී.ජී.සුගතපාල)

කොරෝනා ආසාදිතයන්ගේ පී.සී.ආර්.පරික්ෂණ වාර්තා ලබාගැනීමට ඇති ප්‍රමාදය,ඒ සදහා ඉහළ නිලධාරින්ගෙන් නිසියාකාරව සහයෝගය නොලැබීම, ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ගාල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ සේවයේ යෙදී සිටින සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද(12) සංකේත වැඩවර්ජනයට පෙළඹුන බවද එම සංගමය පවසයි.

ඒ අනුව මේ වනවිට සේවයේ යෙදී සිටින ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් 118 ක් අසනීප නිවාඩු දමා රාජකාරිවලින් බැහැරව සිටින බව එම සංගමය කියයි.

දිවා රෑ නොබලා මේ දිනවල රාජකාරී කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට කිසිදු වාහන පහසුකමක් නොසැලසීම,සැප්තැම්බර් මාසයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා නොලැබීම වැනි හේතුන් කිහිපයක් මෙම සංකේත වැඩවර්ජනයට හේතුව බව ද  එම සංගමය පවසයි.

කොරෝනා මරණ සම්බන්ධයෙන් කරන රාජකාරි කටයුතු හැර අනෙක් සියළු රාජකාරීවලින් ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැළකී සිටින බවද එම සංගමය පවසයි.