
(තරංග ගුණරත්න)
ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම රෙටි හවුස් හන්දිය අසළදී මාර්ගයට විශාල කැන්ද ගසක් කඩා වැටීමෙන් මංතීරුවක් මුළුමනින්ම අවහිර වී තිබිණි.
අද උදෑසන පැවැති අධික වර්ෂාපතනය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගස කඩා වැටී ඇත.
වැලිගම පොලිසියේ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් මාර්ගය හරහා වැටී තිබු ගස කපා ඉවත් කිරීමට කටයුතු කරන ලදි.


COMMENTS
ඉස්සර නම්, මහමාර්ග අධිකාරියෙන් පාරවල් දෙපැත්තේ තිබෙන ගස් කලට, වෙලාවට කපා ඉවත් කළා. මේ නිසා බොහෝ අවස්ථාවන්වලදී පාරට වැටී අනතුරු වීම වැළකුණා. ඒත් දැන් එවන් දේවල් කලට, වෙලාවට සිදුවන බවක් පෙනෙන්නේ නැහැ. කැන්ද ගස් තිබෙන්නේ ලී ඉරන්න නොවෙයි නේද? ඒවා ශක්ති සම්පන්න නැති, වැස්සකදී කඩා වැටෙන ගස්... මේවා පාර දෙපසේ තිබුණත්, කඩා වැටී අනතුරු වෙනකම්ම මහා මාර්ග අධිකාරියට ඒවා පේන්නේ නැහැ.