(ඩී.ජී.සුගතපාල)
ගාල්ලේ පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා ලෙසට දේශපාලනඥයින් කරන නියෝග වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන බලධාරීන්ට අද (29)දැනුම් දුන්නේය.
මේ දිනවල දේශපාලනඥයින් විදුහල්පතිවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට සිසුන් ඇතුළත් කරගැනීමට නියෝග කර තිබෙන බවට පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව එම නියෝග වහාම අත්හිටුවීමට පියවර ගත් බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා කියාසිටියේ දේශපාලනඥයින්ගේ ඉල්ලීම් මත අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීමට නොහැකි බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප කාරුණිකව ඉල්ලා සිටින්නේ තොරතුරු දැනගැනීමේ පනත අනුව මෙම දේශපාලුවන්ගේ නම් ගම් පුරවැසියන් හට දැනගැනුම සඳහා සියලුම පුවත්පත්වල පල කරන මෙන්ය. එමගින් මහත්මා දේශපාලනයක් කරනවා කියමින් අඬබෙර ගසන දේශපාලකයින් පිළිබඳව මහජනතාවට දැනගැනුමට හැකිවෙනු ඇත.
දැනටත් ප්‍රමාද වැඩියි. සෑහෙන ගණනක් අතුලත් කරළ ඉවරයි.