(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් නායයාමේ අවදානම් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි ඊ.ආර්.බන්දුල මහතා පැවසීය.
ගාල්ල කඩවත් සතර, අක්මිමණ, බද්දේගම, ඇල්පිටිය, ඉමදුව, නාගොඩ, නෙළුව, නියාගම, යක්කලමුල්ල, තවලම යන ප්‍රදේශ එසේ නම්කර ඇති බවද බන්දුල මහතා කීය.
වඳුරඹ කිඹිකන්දේ කොකාවල පස් කන්දක් කඩා වැටී කාන්තාවක මියගිය නිවස නායයාමේ අවදානමක් තිබු නිවසක් බවද, එය 2017 නොවැම්බර් 17වන දින ඉවත් කරනලද එකක් බවත් එම නිවැසියන්ට වෙනත් ස්ථානයක ඉඩමක් ලබාදී මුදල්ද ලබාදී ඇති බවත් ඒ අනුව ඔවුන් නිවස ඉදිකරගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් ඒ මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“මෙම කොට්ඨාසවල හඳුනාගත් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට එම ස්ථානවලින් ඉවත්වන ලෙසට අනතුරු හැඟවීම් කර තිබෙනවා. නමුත් ඔවුන් යන්න කැමති නැහැ.”
මෙම ප්‍රදේශවල සිදුකරන කවර ඉදිකිරීමක් හෝ ව්‍යාපෘතියක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූමි යෝග්‍යතා සහතික හා නිර්දේශ ලබා ගත යුතු බවට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත චක්‍ර ලේඛයක් ද නිකුත් කර ඇත.
ඒ අනුව නාය යෑමේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල මහා මාර්ග, දුම්රිය මාර්ගඉදි කිරීම, අලුත් වැඩියා කිරීම හෝ පුළුල් කිරීම, ජල සම්පාදන හා ජලාපවාහන, වාරි කර්මාන්ත, විදුලි බල, දුරකතන ආදි යටිතල පහසුකම් සංවර්ධනය කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකිරීම, ගල් කැඩීම, පස් කැපීම, වැලි ගොඩ දැමීම, මැණික් ගැරීම , මිණිරන් කැනීම ආදිය ඇතුළු සියලුම ඉදිකිරීම්වලදි ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ යෝග්‍යතා සහතික හා නිර්දේශ ලබා ගත යුතුවේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ යෝග්‍යතා සහතිකයකින් තොරව කවර හෝ ඉදිකිරීමක් සඳහා අනුමැතිය ලබා දී ඇත්නම් එම අනුමැතිය ලබාදීමට කටයුතු කළ නගරාධිපති/සභාපති/ලේකම්වරයා ඇතුළු අනුමත කිරීමේ කමිටුව සහ ව්‍යාපෘති අනුමත කරන්නාවූ බලධාරීන් පෞද්ගලිකවම වගකිව යුතුය.
අනුමැතියකින් තොරව කරණ ලද ඉදිකිරීමකින් යම් කිසි හානියක් සිදුවුවහොත් හානියේ වටිනාකම අදාළ පාර්ශවයන්ට හෝ රජයට ගෙවීමට නගරාධිපති/සභාපති/ලේකම් වරයා ඇතුළු කමිටුව සහ ව්‍යාපෘති අනුමත කරන්නාවු බලධාරින් පෞද්ගලිකවම වගකීමට බැඳෙන බවත් එම චක්‍ර ලේඛයෙහි සඳහන්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගාල්ලේ ප්‍රා. ලේකම් කොට්ඨාස 10ක නායයාමේ අවදානම